ඇෆ්ගනිස්තානයේ පාලන බලය යුදමය වශයෙන් අත්පත් කරගන්නට ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකට තලේබාන් සංවිධානය අද සමත් විය.
ප්‍රධාන අගනගරය කාබුල් අත්පත් කරගන්නට ඊයේ වනතුරු සටන් පැවති අතර පාලක රජයට පරාජය භාරගන්නට සිදුවිය. අනතුරුව යුද සටන් තාවකාලිකව නවතා තම රජය තලේබාන් සංවිධානයට සාමකාමී ලෙස පවරන්නට කැමති බවට ජනාධිපති අශ්රෆ් ඝානි දන්වා තිබුණේය.
අනතුරුව තලේබාන් නියෝජිතයින් ජනපති මන්දිරයට ගොස් බලය අත්පත්කරගැනීමේ අවසන් සාකච්ඡාව පැවැත්වීය.


ජනපතිවරයා අවසන් වරට ජාතිය අමතමින් විශේෂ වීඩියෝ ප්‍රකාශයක්ද ලබාදුන් අතර එහිදී බලය අත්හරින්නට එකඟවූ බව නිවේදනය කළේය.
මේ සමග පළවන්නේ අල්ජසීරා ප්‍රවෘත්ති හරහා ඇෆ්ගනිස්ථානයේ නවතම තත්වය ගැන ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30 ට පමණ ගෙන ආ ප්‍රවෘත්ති වාර්තාවයි.