
අභාවප්‍රාප්ත හිටපු ඇමැති මංගල සමරවීරට පිං පිණිස නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින කොළඹ නගරයේ වෙසෙන වීදි ජනතාවට ආහාර පාර්සල් ලබා දීමට පරිසර ඇමැති මහින්ද අමරවීර කටයුතු කළේය.
තම නිවසේ පිසින ලද ආහාර පාර්සල් කර වීදි ජනතාව සිටින ස්ථාන වෙත ගොස් ඒවා බෙදා දීමට ඇමැතිවරයා එසේ පියවර ගත්තේය.
මෙම වැඩසටහන මේ සතියේ ද ක්‍රියාත්මක කරන බව පරිසර ඇමැතිවරයා පැවැසීය.
හිටපු ඇමැති මංගල සමරවීර දේශපාලනයට පිවිසි අවදියේ පටන්ම තමන්ට මහත් සේ උපකාර කළ බවත් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති හිතවත්කම නිසා මෙම පිංකම්වලින් අත් වන පිං අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාණන්ට පමුණුවන බවත් ඔහු කීය.
(සාලිය කුමාර ගුණසේකර)

Comments
Post a Comment
Your comment will be visible after approval