
පිරිමි හෙල්ල එෆ් 45 හි විසිකිරීම් තරගය අද ජපානයේ ටෝකියෝහි පැරාලිම්පික් මලල ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියාන් හේරත් එහි රන් පදක්කම දිනාගත් අතර- මීටර් 67.79 ක නව ලෝක වාර්තාවක් පිහිටවූයේය.
දිනේෂ් ප්‍රියාන් හේරත් අනුරාධපුරින් බිහිවූ ක්‍රීඩකයෙකි. දිනේෂ්ගේ බිරිය ටිසන්කාද ක්‍රීඩිකාවකි.
2008 වසරේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වෙඩි වැදීමක් නිසා වම් අතේ ආබාධයක් ඇති විය. දුර්වල පේශි ශක්ති හේතුවෙන් ඔහු ආබාධිත ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුණි.
මින් පෙර 2016 දීත් මෙම ඉසව්ව නියෝජනය කරමින් රියෝද ජැනයිරෝ පාරාලිම්පික් තරගයට එක්වූ අතර එහිදී ඔහු ලෝකඩ පදක්කම ලබා තිබුණි.
යුද හමුදාවේදී ගජබා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර ඔහුගේ පුහුණුකරු වූයේ ප්‍රදීප් නිශාන්තයි.
Comments
Post a Comment
Your comment will be visible after approval