
මීගමුවේ සහ වෙනප්පුවේ ප්‍රසිද්ධ සමාගම් දෙකක ප්‍රදර්ශනාගාර දෙකකින් ලක්‍ෂ 48ක් පමණ වටිනා රූපවාහිනී යන්ත්‍ර, ජංගම දුරකථන, ටැබ් සහ පරිගණක සොරකම් කළ සැකකරුවෙකු පෙරේදා (03දා) වනාතමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය පවසයි.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිස්ස්ථානාධිපති උදය කුමාර වුල්ටර් මහතාගේ උපදෙස් අනුව වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ.එම්.එස්. ජයනාත් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති. 41 හැවිරිදි සැකකරු මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ප්‍රදර්ශනාගාරවල ඉදිරිපස වීදුරුව බිඳ ඇතුළුවී ත්‍රිරෝද රථයකින් මෙම සොරාගත් උපකරණ රැගෙන ගොස් ඇති බවත්, සැකකරු ප්‍රදර්ශනාගාරයේ සේවකයන්ගේ නිල ඇඳුමකින් සැරසී මෙම සොරකම් සිදුකර ඇති බවත් පරීක්‍ෂණවලදී අනාවරණය විය.
(මීගමුව - බර්ටි ඩයස්)
Comments
Post a Comment
Your comment will be visible after approval