
කොරෝනා ආසාදිතව ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරිම පෞද්ගලික රෝහල් මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තාවේ.පී.සී.ආර්. පරික්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත්වූ උපරිම මිලක් නියම කළ අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මිල රුපියල් 2000 ක් ලෙසද නියම කෙරිණි.
එම උපරිම මිළ යටතේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකළ නොහැකි බව කියමින් පෞද්ගලික රෝහල් හා පෞද්ගලික රසායනාගාර එම පරික්ෂණ සිදුකිරීම අතහැර දමා ඇතැයිද සඳහන්වේ. පෞද්ගලිකව මුදල් ගෙවා දිනක් වාට්ටුවක නතර වන්නේ නම් පමණක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකළ හැකි බවත් ඇතැම් පෞද්ගලික රෝහල් රෝගීන්ට දන්වා ඇතැයිද පැවසේ. එම නිසා සැක සහිත රෝග ලක්ෂණ තිබෙන අවස්ථාවක මුදල් ගෙවා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට යන රෝගීන් බරපතළ ගැටලුවකට මුහුණපා ඇතැයිද ප්‍රකාශකයෙක් පැවැසීය.
(රංජන් කස්තුරි)
Comments
Post a Comment
Your comment will be visible after approval