
දින පහක් වයසැති පිරිමි දරුවකු රුපියල් ලක්‍ෂයකට අලෙවි කළ කාන්තාවක් යාපනයේ, නෙල්ලිඅඩි පොලිසියෙ විසින් 20දා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව පළමු විවාහයෙන් වෙන්ව තනිවම ජීවත්ව සිටියදී ගොඩනඟා ගත් අනියම් සම්බන්ධයකින් මෙෙදරුවා ලැබී ඇති අතර ඇයට යළි විවාහයක් කර ගැනීමේදී දරුවා ප්‍රශ්නයක් වන නිසා ඇය දරුවා විකුණ තිබේ.
ඇයට දරුවකු ලැබුණු පසුව දරුවා බැලීමට පැමිණි ඥාතීන් පිරිසකට දරුවා නිවෙසේ නොමැති නිසා ඇතිවූ
සැකයක් මත ඔවුන් මේ බව පොලිසියට පැමිණිලි කොට තිබේ.
පොලිසිය අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ සිය දරුවා දරුකමට
හදා ගැනීම සඳහා ඥාති සහෝදරියකට ලබාදුන් බවයි.
එම කාන්තාව සොයා යාපනය, නෙල්ලිඅඩි පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
Comments
Post a Comment
Your comment will be visible after approval