කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් අද (ජූලි 19) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .
ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් එන්නතකරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙරට රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා එනත්කරණ ව්‍යපෘතිවලට ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදෙන දායකත්වය අතිවිශිෂ්ට බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මියද පසුගියදා ප්‍රකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කළමනාකරණයෙන් ක්‍රියාත්මක ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ පුසගිය 15දා නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
අද දින (ජූලි 19) කොළඹ විහාරමහාදේවී උද්‍යනයේ පිහිටි යුද හමුදා ප්‍රජා එන්නතකරණ මධ්‍යස්ථානයේදී වසය අවුරුදු 30 වැඩි පුද්ගලයින් හට එන්නතකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ අයුරු ඡායාරූප වල දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval