
රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සඳුදා (12) දිවයින පුරා වැඩජ වර්ජනයක් අරඹා ඇති නිසා නිවෙස්වල සිට සිසුනට මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන නවතින බව දන්වා ඇත.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳුදා පෙරවරු 6 සිට මාර්ග ගත ක්‍රමයට කරන ඉගැන්වීම් කටයුතු නතර කරන බව ද ගුරු සංගමය දන්වා ඇති අතර
ගුරු සංගම් නායකයන් මර්දනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම ක්‍රියාමර්ගය ගන්නා බව ද දන්වා ඇත.
ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය සහ විදුහල්පති සේවා සංගමය ඇතුලු ගුරු විදුහල්පති වෘත්තීය සමිති 11ක් හෙට සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනු ඇත.
කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුලු පිරිසක් මේ වන විට මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමු කර සිටි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval