
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ස්ටාලින් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇප හිමි වීමෙන් පසුව නිරෝධායනය සදහා රැගෙන ගිය මුලතිව් යුද - හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පෙරේදා 10 වැනිදා රාත්‍රියේ විරෝධතාවක නිරත වූහ.
පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා අත්අඩංගුවට ගැනුණ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු 31 දෙනකුගෙන් යුතු පිරිසට ඇප හිමි වුව ද නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මුලතිව්හි පිහිටි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට රැගෙන එනු ලැබූහ.
අනතුරුව පෙරේදා 10 වැනිදා රාත්‍රියේ ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙසට රජයට බලකරමින් ඔවුහු නිරෝධායන මධ්‍යස්ථානයේ සම්පත් උපයෝගි කරගනිමින් විරෝධතා වැකි ලියා විරෝධතාවක නිරත වූහ. එම විරෝධතාව වෙනුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන්, ජාතික භික්ෂූ පෙරමුණේ කොස්වත්තේ මහානාම හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval