
අද ආර් ප්‍රේමදාස පිටියේ පැවති ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තෙවැනි හා අවසාන විස්සයි20 තරගයත් ශ්‍රී ලංකාව ජයගත් අතර ඒ අනුව තරගාවලී ජය 2-1 ලෙස හිමි කරගන්නා ලදි.
අද දින ඉන්දියාව මුලින් පන්දුවට පහරදී කඩුළු 8 කට 82 ක් ලබාගන්නා ලදි. එය ඉන්දීය පිලක් විස්සයි විස්ස තරගයකදී ලබාගත් අඩුම තෙවන ලකුණු ගණනයි (මීට පෙර ඕස්ට්‍රෙලියාවට එරෙහි තරගයකදී 74 කට දැවී ගොස් අඩුම ලකුණු වාර්තා තබා ඇත) සිය උපන්දිනය යෙදෙන දිනයේ විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වනිදු හසරංග කඩුළු 4 ක් ලබාගත්තේ ලකුණු 9 කටය.
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව අදාළ ලකුණු ගණන පහසුවෙන් පසුකර ගියේ කඩුළු 4 ක් පමණක් දැවී තිබියදීය. ඕවර 14 පන්දු 3 කදී ජයග්‍රහණය වයිඩ් පන්දුවකින් ලැබිණි.

Comments
Post a Comment
Your comment will be visible after approval