
මොඩර්නා එන්නත මේ දිනවල මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ජනතාවට ලබාදෙමින් පැවතියදී
එම එන්නත්කරණය කඩාකප්පල් කිරීමට අසත්‍ය ප්‍රචාර සිදුකරන බවට මහනුවර මහරෝහලේ නීති වෛද්‍ය නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
මොඩර්නා එන්නත ශරීරයට අහිතකර බවත් එහි නැනෝ තාක්ෂණය අඩංගු බවටත් සඳහන් ෆේස් බුක් වට්ස් ඇප් පණිවිඩ හුවමාරුවන බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ව ඇත.
මොඩර්නා එන්නත පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය ඇතිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.
මහනුවර පොලිස් අධිකාරිවරයා මේ ගැන සොයා බලන බවද ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval