
නවලෝක රෝහල හරහා සිදුකරන ලද PCR සහ IgM anti-body පරීක්ෂණ වල ප්‍රතිඵල සාවද්‍ය බව ප්‍රකාශ කර අදාළ රෝහලෙන් සේවා ලබා ගැනීම නවතා දැමීමට චීන තානාපති කාර්යාලය තීරණය කර ඇත.
චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ අදාළ රෝහල මගින් සිදුකළ PCR සහ IgM anti-body පරීක්ෂණයන් මගින් කොරෝනා අසාදිත නොවන බව තහවුරු කර තිබූ ගුවන් මගීන් කිහිපදෙනෙකුම චීනයට යාමෙන් පසු එරටදී සිදු කළ කොවිඩ් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් බව හෙළි වී ඇති බවයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් චීනය බලා යන සියලුම මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා කොරෝනා ආශ්‍රිත PCR සහ IgM anti-body පරීක්ෂණ සිදු කිරීම සඳහා අනුමත කර තිබු පුද්ගලික රෝහල් ලැයිස්තුවෙන් නව ලෝක රෝහල ඉවත් කරනු ලැබ තිබේ.-
Comments
Post a Comment
Your comment will be visible after approval