
සෙනසුරාදා එංගලන්තයට එරෙහිව එංගලන්තය තරග කළ තෙවැනි එක්දින තරගයේදී ඒ දක්වා එකතුව 10277 ලබාගෙන කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව ලෙස ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා මිතාලි රාජ් එංගලන්තයේ චාලට් එඩ්වර්ඩ්ස් තැබූ වාර්තාව පසු කළාය.
මිතාලි රාජ් ටෙස්ට් තරගවලදී ලකුණු 669 ක්ද, විස්සයි 20 තරගවලදී ලකුණු 2364 ක්ද ලබා ඇත.
මීට පෙර කාන්තා ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව වූයේ ලකුණු 10,273 ක් ලබා ඇති චාලට් එඩ්වර්ඩ්ස්ය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ලකුණු 10000 කට වඩා ලබා ඇති එකම කාන්තාවන් දෙදෙනා වන්නේ එඩ්වර්ඩ්ස් සහ රාජ් ය.
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ඉන්දියානුවන් දෙදෙනෙකු වන සචින් තෙන්ඩුල්කාර් සහ මිතාලි රාජ් යන දෙදෙනාම ලබාතිබීම ගැන ඉන්දීය මාධ්‍ය උදම් අනමින් සඳහන් කර තිබේ.




Comments
Post a Comment
Your comment will be visible after approval