
ජනපති උපදෙස් මත කැබිනට් මණ්ඩලය මගින් මෙන්ඩිස් සමාගමට ලබාදී තිබූ මත්පැන් අලෙවි බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කර තිබේ.
මින් ඉහත සුරාබදු දෙපාර්තමේන්තුව හා ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් පැවරූ නඩු නිසා අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් අරක්කු සමාගමේ බලපත තාවකාලිකව අහෝසි කර තිබූ අතර පසුගිය සතියේ වාර්තාවූයේ එම ණය පියවීමට මහ බැංකුව වෙත සැලසුමක් ඉදිරිපත් කිරීම නිසා නැවත බලපත ලැබී අලෙවිය ඇරඹූ බවයි. නමුත් එම අනුමැතිය ලබාදීම මුදල් ඇමති වූ අගමැතිවරයා හෝ ජනපති දැනුවත්ව නොසිටි බවටඊයේ වාර්තාවී තිබූ අතර පසුව
රජය සතු බලතල මගින් එම බලපත මුළුමණින් අහෝසි කර දමා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval