
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයාය හරහා ගලා බසින මස්කෙළිය ඔයේ, කැස්කීබන් කොටසේ තිබී පුද්ගල මළ සිරුරක් අද (03) ප.ව.04.15 ට පමණ සොයාගත් බව මස්කෙළිය පොලීසිය පවසයි.
මෙම මළ සිරුර මස්කෙළිය,
ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, ලෙංගා කොටසේ පදිංචි (75) හැවිරිදි සින්නප්පන් ආරුමුගම් නැමති අයගේ බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.
බ්‍රන්ස්වික් තේ වතුයායේ, කැස්කීබන් කොටසේ පිහිටි පාලම මත මිය ගිය අයගේ පාවහන් යුගළ හමුවී ඇති බවත්, වතු ජනතාව සමග සොයා බලද්දී මස්කෙළිය ඔයේ තිබී මළ සිරුර සොයාගත් බවත් මස්කෙළිය පොලීසිය පවසයි.
මළ සිරුර දික්ඔය මූලික රෝහල වෙත රැගෙන ගොස් හෙට (04) දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය කියයි
(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval