kuliyapitiya-incident

තමා සමග යළි නිවසට ඒමට අකමැති වූ 38 හැවිරිදි  බිරියට පොරොවෙන් හිසට
හා පිටට පහරදී ඝාතනය කළ සැමියකු පෙරේදා (29) රාත්‍රි ගස්වැව ඉහළ මොළඑළපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බිංගිරිය පොලිසිය කියයි.


මවගේ නිවසේ රැඳී සිටි බිරිය කැඳවාගෙන ඒමට තෙවරක්ම ගිය සැමියකු සිව්වන වරටත් ඇය ඔහු සමග යාමට අකමැති වීම නිසා ඇති වූ ආරවුලකින් පසු මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය කියයි.  දරුණු කැපුම් තුවාල  හේතුවෙන් මෙසේ මියගොස් ඇත්තේ, බිංගිරිය පොලිස් වසමේ, තිසෝගම - ගඩොල්වක පදිංචිකාරියක වන, චමිලා කාන්ති නමැති 38 හැවිරිදි දෙදරු මවකි. බිරියගේ මවට අයත් ඉහල මොළඑළිපිටිය පිහිටි නිවසේදී පෙරේදා (29) රාත්‍රී 10 ට පමණ ඝාතනය සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(බිංගිරිය නන්ද එස්. ඒකනායක)