
ගස්ලබු වගාව වනසා දැමූ ඇතෙකු මරා දැමීමේ අරමුණින් යකඩ ඇණ ලැලි සැකසූ වතු මුරකරුන්වෙක් කරුවලගස්වැව වනජීවී අඩවි කාර්යාලය මගින් පෙරේදා (04 )වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගැනුණේ කරුවලගස්වැව 17 කණුව සීමාවේ ඉඩමක මුරකරුවකු බව වනජීවී නිලධාරීහු පවසති. කරුවලගස්වව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක බී. රාමසිංහ මහතා පවසා සිටියේ සැකකරු රැකියාව කරනු ලබන ඉඩමේ ගස්ලබු වගාවක් ඇතකු වනසා දැමීම නිසා ඊට පසු මෙම ඇණ ලෑලි සකසා ඇතා එන මාර්ගයට දමා තිබී ඇති බවයි.
ඒ පිළිබඳව ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී මෙම මුරකරු විසින් සකසා තිබූ ඇණ ලෑලි සොයා ගත් බවයි. අඩවි ආරක්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේ යම් හෙයකින් ඇතාගේ පාදවලට මෙම ඇණ ලෑලි ඇනී ගියේ නම් සති ගණනක් ඇත එහි තුවාලවලින් පීඩා විඳ මරණයට පවා ලක්වීමට ඉඩ තිබූ බවයි. අත්අඩංගුවට ගත් සැකකාර වතු මුරකරු වනජීවී කාර්යාලයේ ඇප මත මුදාහැර ඇති බවත් ඉදිරි දිනකදී පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැටලීම සඳහා කරුවලගස්වැව අඩවි වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක බී. රාමසිංහ මහතා සමග වනජීවී නිලධාරිහු වැටලීමට එක්ව සිටියහ.
හිරාන් ප්‍රියංකර ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval