
ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය
ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙයි.
ඔහු එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගත් අයෙකි.
පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රසෙනෙකා එන්නතත්, දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ජයරුවන්
බණ්ඩාර මහතා ලබාගෙන ඇති බව වාර්තා විය.
ඔහු පවසා සිටියේ ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත
අද (29) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක ප්‍රතිඵල ධනාත්මක වුවද තමන්ට මෙතෙක් රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව යි.
කෙසේ වෙතත් වෛද්‍ය උපදෙස් මත තමන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද ඒ මහතා පවසා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval