
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී යුවේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදව් සහ දීපාක් චහාර් කඩුලු 2ක බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 4ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ඉෂාන් කිෂාන් ලකුණු 59ක් රැස් කළා.
ප්‍රිත්වි ෂෝ පන්දු 24 මුහුණදෙමින් ලකුණු 43ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 48කට කඩුලු 2ක් දවාගත් අතර ලක්ෂාන් සඳකැන් එක් කඩුලක් දවා ගත්තා.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

Comments
Post a Comment
Your comment will be visible after approval