
ගල්කිස්ස පහළොස් හැවිරිදි දැරිය අපයෝජනය සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩෙවියේ අයිතිකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පහළොස් හැවිරිදි දැරියගේ මව සහ අනියම් සැමියා ද ජාතික ළමාරක්ෂක අධිකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත විය. එම අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ වයස අවුරුදු 16 ට අඩු දැරියක් ලිංගික කටයුතු සඳහා විකිණීම වසර 20 ක සිර දඬුවමක් හිමිවන බරපතල වරදක් බවයි.
වෙබ් අඩවියේ හිමිකරු ජුලි 03 වන දින අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ප්‍රදේශයේදීය. ඔහු 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මීට අමතරව, මෙම වෙබ් අඩවියේ මුදල් පාලකවරයා ලෙස කටයුතු කළ පිළියන්දල මාවිත්තර අළුබෝලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ජුලි 04 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval