
කොවිඩ් වයිරසය ආසාදිත දෙහිවල සත්වෝද්‍යානයේ 'තෝර්” නමැති පිරිමි සිංහයාගේ නිව්මෝනියා තත්වය උත්සන්න වීම නිසා විශේෂ ප්‍රතිකාර යළි අරඹා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
සිංහයාගේ සමෙහි තුවාල ද හටගෙන ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සිංහයාගේ සෞඛ්‍ය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවත් සත්වෝද්‍යාන ප්‍රධානීන් ඒ ගැන අවධානයෙන් පසුවන බවත් ඔහු පැවසීය.
තෝර් නමැති සිංහයාට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර යන ඇෆා සැර කොරෝනා ප්‍රබේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කළ පරීක්ෂණයක දී පෙරේදා (4) අනාවරණය වී ඇත. කොවිඩ් ආසාදනය වූ සිංහ ධේනුවගේ තත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි ද සවෝද්‍යානයේ සෙසු සතුන්ට මෙතෙක් කිසිදු ගැටලුවක් නැතැයි ද දිසානායක මහතා කීවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval