
මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිත දරුවන් 5දෙනෙකු වැඩි පිරිසක් වාර්තා වන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසුවේය.
මෙය පෙර පැවතියාට වඩා වෙනස්තත්වයක් බව පවසන ඔහු මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 500කට අධික බව දන්වා ඇත.
එමෙන්ම කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට දරුවන් දසදෙනෙකු මියගොස් ඇති බවද ඔහු කීය.
වසංගත තත්ත්වය හමුවේ දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා දෙමාපියන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව හෙතෙම පැවසීය.
ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය අනෙක්වා හා සැසඳීමේදී දරුවන්ට පහසුවෙන් වැළඳෙන බව මින් ඉහත පර්යේෂණ මගින් අනාවරණය කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval