
COVID-19 මර්දනය සඳහා නාසයට විදින එන්නත මගින් සතුන්ට එම මාරාන්තික වෛරසය ආසාදනය නොවීමේ යම් ආරක්ෂාවීමක් හිම්වන බව එක්සත් ජනපදයේ ඉඕවා සහ ජෝර්ජියා විශ්වවිද්‍යාලයන්හි පර්යේෂකයන් කණ්ඩායම් පවසයි.
දැනටමත් මෙම එන්නත මීයන් සඳහා ලබාදෙමින් ඔවුන් එම අධ්‍යයනය සිදුකර තිබේ.එසේම මෙම නාසික එන්නත මගින් COVID-19 වෛරසය සතුන්ගෙන් සතුන්ට බෝවීම වළක්වන බවත්, ඔවුන් මෙහිදී හදුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි ප්‍රධාන පර්යේෂකයෙකු "යම් හෙයකින් මෙම නව COVID-19 නාසික එන්නත මිනිසුන් සදහා සාර්ථක බවට ඔප්පුවුණත්, එය මේ COVID-19 වසංගතය ව්‍යාප්තවීම වළක්වා ගන්න හැකියාව ලැබේවි.” යනුවෙන් පවසා ඇත. සාම්ප්‍රදායික එන්නත් මෙන් නොව මෙම එක්නත නාසික විදිනයක් ලෙස ක්‍රියා කරයි. එය ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගී තත්වයන් සඳහා ලබාදෙන නාසික එන්නත හා සමාන බව පැවසෙයි. මෙම එන්නතේ එක් මාත්‍රාවක් පමණක්ප්‍රමාණවත් අතර, එය සාමාන්‍ය තත්ව යටතේ මාස තුනක කාලයක් ශීතකරණායක ගබඩා කර තබා ගත හැකි බවත් පැවසෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval