
මෙම මස අගභාගයේදී ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) දෙවැනි අදියර සඳහා තමන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකුට ලෙස කටයුතු කරන බවට වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ලසිත් මාලිංග එල්.පී.එල්. මේවර තරග වාරයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති බවට පසුගිය සතියේදී සමාජ මාධ්‍ය වාවිතා කර තිබුණි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මාලිංග එම ට්විටර් පණවුඩයෙන් වැඩිදුරටත් දක්වා තිබුණේ මේ දක්වා ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බළධාරින් සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැතී බවත්, තමන් තවමත් පන්දුවාර විස්සයි20 තරග රටාවෙන් විශ්‍රාමගෙන නොමැති බවත්ය.පසුගිය වසරේ පැවති එල්.පී.එල්. පළමු අදියරේදී මාලිංග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තෝරාගෙන තිබුණද ඒ සම්බන්ධෙයන් කලින් දැනුවත් කර නොතිබීම සහ නිසි පුහුණුවක් කිරීමට කාලය මදිකම හේතුවෙන් ඔහු තරගාවලීයට එක්වුයේ නැත. ලසිත් මාලිංග මේ වනවිට ටෙස්ට් සහ එක්දින පිටියට සමුදී ඇති අතර, පන්දුවාර විස්සයි20 තරග පිටියෙන් තවමත් සමුගන නැත. ඔහු ටෙස්ට් තරග 30කදී කඩුලු 101ක්ද (හොදම දක්ෂතාවය 5/50), එක්දින තරග 226කදී කඩුලු 338ක්ද (හොඳම දක්ෂතාව 6/38), පන්දුවාර විස්සයි20 තරග 84කදී කඩුලු 107ක්ද (හොඳම කතාව 5/06) දවාගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval