
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
ඔහු ඉල්ලා අස්වී ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පිවීසීමට බව වාර්තා වේ.
මින් ඉහත ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධූරය දෙනවාද නොදෙනවාද යන්න ගැන 20 සංශෝධන අවස්ථාවේ ඇතිවූ මතභේදය නිසා බැසිල් වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කැටගොඩ මන්ත්‍රීවරයා ඇමති විමල් සමග බහින්බස්වීමක් හා පහරදීමේ සංසිද්ධියකට සම්බන්ධවී තිබුණි.
කැටගොඩ යනු ටෙලි නාට්‍ය රංගනයෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසි අයෙකු වන අතර මින් ඉහත 2010 සරත් ෆොන්සේකාගේ සිරගතවීම සමග ඔහුගේ ආසනයට තාවකාලිකව පැමිණ පසුව ෆොන්සේකාට සමාව ලද පසුව නැවත අසුන නොදී සිටි අයෙකි.
බැසිල්ට පුටුව දෙන කෙනාට ඕස්ට්‍රෙලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය ලැබෙන්නට නියමිත බව පසුගිය සති අන්තයේ පුවත්පතක වාර්තාවක් පළ විය.
Comments
Post a Comment
Your comment will be visible after approval