
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් (COVAX) පහසුකම හරහා ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපාන රජය තීරණය කර ඇතැයි වාර්තා පළව තිබේ.
ඒවා ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රා ලබාගන්නට බැරිවූ අයට හා අලුතින් එන්නත් ලබාගන්නා අයට පාවිච්චි කිරීමට නියමිතය.
පසුගියදා ෆයිසර් එන්නත් ලංකාවට ලද විගස ඒවා ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රා මදිපාඩුවූ ලක්ෂ 6 කට මිශ්‍ර එන්නත් ලෙස ලබාදෙන්නට රජය ගනු ලැබූ තීරණය පසුව වෙනස් කර තිබුනේ ජපානයෙන් එන්නත් ලැබීම තහවුරුවූ නිසාය.ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් (COVAX) පහසුකම හරහා මෙම එන්නත් ලැබෙන අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර විසින් මෙම එන්නත් තොගය මෙරටට ලබාගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් ඇති බවද වාර්තා විය.
මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ඉදිරි සති කිහිපය තුළ ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval