
දෙවන මාත්‍රාව ලබාදීම සඳහා හිග වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මේවනවිට ශ්‍රී ලංකාවට සොයා ගැනීමට හැකිවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ඔහු කියා සිටියේ මේ මස අවසන්වීමට පෙර අදාළ එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබීමට නියමිත බවයි. ඒ අනුව ඉදිරි සතියේ මෙම තොග ලැබෙනු ඇත.
ජපානයේ නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා අනුවාදය කොවැක්ස් පහසුකම යටතේ ලංකාවට ලැබෙනු ඇති අතර ලක්ෂ 15 ක් පමණ ලැබෙන බවට ආරංචි පවතී.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ඇති සංඛ්‍යාව නව ලක්ෂ 25,242 ක්. ඉකුත් ජනවාරි මාසයේ ආරම්භ කළ පළමු මාත්‍රාව ලබාදීම අප්‍රේල් මාසයේදී අවසන් කෙරුණා. එහි දෙවන මාත්‍රාව මේ දක්වා ලබාදී ඇත්තේ පුද්ගලයින් තුන් ලක්ෂ 85,885 දෙනෙකුට පමණයි.
Comments
Post a Comment
Your comment will be visible after approval