
අඩි 291 ක උසකින් යුතු ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී අතුරුදන්ව සිටින තරුණිය සොයා සිදු කරන ලද විශේෂ මෙහෙයුම ඊයේ (18) සිට සිදු කළ මුත් අද (19) මෙහෙයුම සිදු කළ කන්ඩායම එය අතැර දමන්නට තීරණය කර තිබේ.
දිය ඇල්ලේ පහළ ප්‍රදේශය විශාල ගල් සහිත ස්ථානයක් වීම මෙන්ම මේ දිනවල දිය ඇල්ලේ ජලය ඉතාමත් අධික මට්ටමක පැවැතීම හේතුවෙන් මෙම කටයුත්ත සිදු කිරීම අසීරු වීම නිසා තවදුරටත් තරුනිය සෙවීම නිෂ්ඵල බව පෙනී ගොස් ඇත.
දිඹුල- පතන පොලීසිය පැවසුවේ අද (19) දහවල් මෙහෙයුම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බවයි.
තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ඊයේ (18) දා දහවල් ගොස් දිය ඇල්ලේ ඉහළ කොටසේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගෙන අනතුරුව දිය ඇල්ලේ ජල පහරින් පාද සේදීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී තිබුණි.
අතුරුදන්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති (19) හැවිරිදි තරුණියක බව පොලීසිය කියයි.
දිඹුල- පතන පොලීසියේ නිලධාරීන්, යුධ හමුදා හා නාවික හමුදා භට පිරිස් හා ප්‍රදේශවාසීන් එකතුව අතුරුදහන්ව සිටින තරුණිය සොයා දුෂ්කර මෙහෙයුමක නිරතවුවද ෙතරුණිය පිළිබදව කිසිදු හෝඩුවාවක් සොයා ගැනිමට නොහැකි විය.
(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Comments
Post a Comment
Your comment will be visible after approval