
ඉන්දියාව හමුවේ විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. එම ජයග්‍රහණය සදහා ක්‍රීඩකයන්,
පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලය විශාල දායකත්වයක් ලබා දීම ඇගයීම මෙහි අරමුණ වී තිබේ.
ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම හේතුවෙන් ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී
ඔවුන්ට මෙම මූල්‍ය ත්‍යාගය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන ලදි..
ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකක පමණ මුදලකි.
Comments
Post a Comment
Your comment will be visible after approval