
ඉන්දියාවේ පවතින දරුණු COVID-19 තත්වය නිසා ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණු ICC විස්සයි විස්ස ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් හා ඕමානය වෙත රැගෙන යනු ඇති බව පීටීඅයි පුවත් වාර්තා කර තිබේ.
තරගාවලිය ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේ පවත්වන්නට යෝජනාවූ ස්ථාන අතර මුලසිටම කතාබහට ලක්වූ එක්සත්අරාබි එමීර්හිදී පැවැත්වීම ප්‍රධාන විකල්පයක් ලෙස සලකා ඇත.
ඊට අමතරව මෙවර ඕමානයේ මස්කට් නගරයත් තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන සිව්වැනි නගරය ලෙස යෝජනා වී ඇත. එක්සත් අරාබි එමීර් හි අබුඩාබි, ඩුබායි හා සාජාහ් ද තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට සූදානම්ය.
“ඔව්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ICCය සමඟ පැවති රැස්වීමේ දී අවසන් තීරණය ගන්න සති හතරක කාලයක් ඉල්ලා සිටියා” ICC විධායක සභාවේ නිලධාරියෙක් PTI පුවත් සේවය වෙත පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval