
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග
3-0ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(26) සමත් විය.
මින් ඉහත පැවති තරග දෙකද ජයගෙන තිබූ එංගලන්තය සමග අද පැවති තෙවැනි අවසන් තරගයෙන් එංගලන්තය ලකුණු 89ක දැවැන්ත සහ පහසු ජයක් වාර්තා කරන ලදි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා මෙම තරගයේ දී
පළමුවෙන් පන්දු යැවූ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ දී එංගලන්ත ඉනිම ලකුණු 180ක් ලෙස සටහන් වුණේ කඩුලු 6කටයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 91ක් පමණි.

Comments
Post a Comment
Your comment will be visible after approval