
අද (9) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණ සිටි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් අරලියගහ මන්දිරයේ ඇතුළුවීමේ දොරටුව
අසළ ආරක්ෂක අංශ මගින් සිදු කරන අනිවාර්ය ඇන්ටිජන් පරීක්ෂාවේදී කොරෝනා රෝගය සඳහා ධනාත්මක වීම නිසා රෝහල් ගතවන්නට සිදුව තිබේ.
කාදර් මන්ත්‍රීවරයා වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. ඔහුගේ වයස 50 කි. කොරෝනා පරීක්ෂාව සමත් නොවීම නිසා ඔහු අගමැතිවරයා වෙත යැවීම වෙනුවට රෝහල වෙත යැවීමට ආරක්ෂක අංශ පියවර ගන්නා ලදි.
මීට ඉහතත් කොරෝනා රෝගී ආශ්‍රිතයෙකුවීම නිසා ඔහු දින 14 ක් නිරෝධායනයේ සිටි අයෙකු වූ අතර එන්නත ලබාගත් අයෙකු බවද පැවසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval