
දිවයින පුරා පනවා ඇති සංචරණ සීමාවන් ජුනි මස 14 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
නැවත සංචරණ සීමා 21 දක්වා දීර්ඝ කරන බවට තවම තීරණයක් ගෙන නැති බවත් සෞඛ්‍ය අංශ නිර්දේශ කරන කොරෝනා දත්ත ලබන 12 සහ 13 යන දිනවල ලැබීමට නියමිතව ඇති බැවින් ඒවා ලැබීමෙන් පසු එම සංචරණ සීමාව තවදුරටත් දීර්ඝ කරනවාද නැතහොත් එය ඉවත් කරනවා ද යන්න සම්බන්ධයෙන් තීරණය ගැනීමට රජය ට හැකිවනු ඇති බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval