satharasinghe-family-covid19-suranga

සංගීත් සතරසිංහ -''අද video එක වෙනදා පටන් ගන්නවා වගේ  නෙමෙයි පටන් ගන්නේ  මේක වෙනම කතාවක් මේක හැමෝම දැනගන්න ඕන කතාවක් එක ඇත්තටම මම කරන්න හිතුවේ අම්මි තාත්ති කියනවා පරිස්සමින් ඉන්න ඒක ලොකු තේරුමක් තියෙනවා හැමෝම අහල තිබ්බා පහුගිය videos  ටිකේ   අහල තිබ්බා තාත්ති කෝ තාත්ති කෝ කියලා  ඉතිං අද තාත්ති ඉන්නවා මේ කතාව තාත්තගෙන් අහල බලමු....තාත්ති කොහෙන්ද පටන් ගන්නේ කතාව...''

✿සුරංග සතරසිංහ - ''මම හිතන්නේ මම මාස බාගෙකට වඩා මේ ලෝකෙම වසන් වෙලා හිටියා හැංගිලා හිටියා  ඒ කතාව තමයි දැම්මේ කියන්නේ ඊට කලින් පොඩ්ඩක් කියන්න ඕනේ කොල්ලො කල්පනා කරනවා ඇති මම දිහා දැක්කම මම වෙස් වලාගෙන අමුතු ස්වරූපයක් අරගෙන ඉන්නවා කියලා ඇත්තම කියනවා නං මේක තමයි මගේ වර්තමාන සැබෑ නියම ස්වරූපය ...මගේ ආදරණීය බිරිඳ ආදරණීය පුත්‍රයා සංගීත් මොවුන් දෙදෙනා දෙපැත්ත තියාගෙන මේ කතාව මම කියන්නේ ආදරණීය රසිකයන් වන ඔබට තියෙන ආදරේට  මේ කතාව පොඩ්ඩක් boring

 වෙන්න පුළුවන් ඒත් පොඩ්ඩක් අහගෙන ඉන්න මේ කථාව අවසානයේ වැදගත් පණිවිඩයක් දෙන්නයි උත්සහ කරන්නේ....හරියටම මැයි මාසයේ තිස් වැනිදා වනතුරු  අපේ ආදරණීය පවුල බොහොම සතුටින් මේ නිවසේ හිටියා අපේ සතුට උදුරගන්න එක්තරා අදුශ්‍යමාන   බලවේගයක් අදෘශ්‍යමාන අමුත්තෙක් අපේ ගෙදෙට්ට ආවා..නිකං මහා කළු පාට භයානක අමුතු සතෙක් වගේ කෙනෙක්,එහෙම නැති නම් නිකං දත් විරිත්ත ගත්ත යකෙක් වගේ,ඊට වැඩිය ඒක වෙනසක් තියෙනවා.....මම  අමුත්තාගේ ස්වරූපය කියන්න කලින්  මෙන්න මේ ටික කියලා ඉන්න ඕනේ හරියටම මැයි මාසෙ මාසෙ තිස් වෙනිදා වෙනකොට මටයි ජෙනී ටයි ලොකු වුණත් ගත්තා  පස්සේ අපි කළේ අපේ පවුලේ වෛද්‍යවරයා මුණ ගැහෙන එක පවුලේ වෛද්‍යවරයා ගැන මේ වෙලාවෙ මතක් කරන්නම ඕනේ  ඒ තමයි හබරකඩ nursing home  එක අධිපති ධම්මික පෙරේරා මහත්මයා ...



එතුමා ගාවට තමයි අපි දුකට සැපට යන්නේ තුමා වෛද්‍යවරයෙකුට වඩා එහා ගිය හොඳ මනුස්සකම් තියෙන වැදගත් ඒ වගේම හොඳ රසකාමී හදවතක් තියෙන පුද්ගලයෙක් .....රට ගියාම කිව්වා උණක් කියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි වෙනත් රෝගයක පෙර නිමිත්තක් වෙන්න පුළුවන් අපි බෙහෙත් ටිකක් බීලා පොඩ්ඩක් බලමු දවසක් දෙකක් බලමු නැති උනත් අපි එතනින් එහාට වෙන ප්‍රතිකාරයකට යමු කියලා කිව්වා.....ඒ වගේමයි ජෙනී ගිහිල්ලා අපි දෙන්නා බෙහෙත් ටිකක් ගත්තා ඇත්තටම අපේ උණ අඩු වුණා නමුත් පොඩි දවසකදී දින දෙකකදී විතර නැවත වතාවක් උණ ගත්තා උණ ගත්තහම අපි වහාම වෛද්‍යවරයාගේ උපදෙස් පැතුවා ඔහු අපිට කිව්වා ඉතා ඉක්මනින්ම මෙන්න මේ වෛද්‍ය පරීක්ෂණය කරගෙන එන්න කිව්වා පස්සේ  පුතා මාව එක්කගෙන ගියා අම්මා වත් එක්කගෙන පුද්ගලික රෝහලකට  එතැනදිත් අපිට හොඳට හොදට සැලකුවා අපිට  අපිට ඉක්මනින් පරීක්ෂණයක් කළා පැය හතරකට පස්සේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ආවා අන්න ඒ වෙලාව තමයි ආපු භයංකාර අද්භූත අමුත්තා කවුද කියලා අපි අඳුර ගත්තේ ඒ තමයි අපි කොච්චර පරිස්සම් වෙන්න හැදුවත් කොච්චර මුහුණු ආවරණ දාගත්තත්  මොන තරම් අත් sanitizer වලින් හේදුවත්  අපි කොච්චර ලෝකෙන් හැංගෙන්න හැදුවත් ලෝකෙම බය කරපු covid මාරයා අපේ ගේ ඇතුලට ඔලුව  දැම්මා  

 ඒ වෙලාවේ තමයි අපි දැනගත්තේ අපි දෙන්නම කෝවිඩ් රෝගයට හසු වෙච්ච පොසිටිව් වෙච්ච රෝගීන් කියලා....එක දැනගත්තේ අපි ජුනි මාසයේ දෙවැනි දා මෙන්න මෙතන ඉදලා තමයි යාලුවනේ ඕගොල්ලන්ට මෙන්න මේ වැදගත් කතාව ආරම්භ කරන්නේ....ඒ වෙලාවේ අපි මුලින්ම කරපු දේ ශ්‍රී ලාංකික පුරවැසියෝ හැටියට අපි ඉස්සෙල්ලාම කළේ covid රෝගයට ගොදුරු වෙච්ච රෝගීන් දෙදෙනෙක් මේ වෙනකොට අපේ ලිපිනය සහිත නිවසේ ඉන්නවා කියන එක රජය දැනුවත් කරන එක ඒක කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අපේ ප්‍රදේශය භාරව ඉන්න ග්‍රාම නිලධාරි මහත්මයා ඔහුට මම දුරකථන ඇමතුමක් කරලා කිව්වා අපි covid ආසාදනය වෙලා ඉන්නේ එතකොට අපිව රජයේ සංඛ්‍යා ලේඛන දත්ත වලට ඇතුලත් වෙනවා අංක එකට අපි ඒ යුතුකම කළා එතකොට එතුමා අපිව ලියා පදිංචි කර ගත්තා බල ප්‍රදේශය තුළ covid ආසාදනය වෙච්ච රෝගීන් දෙදෙනෙක් ඉන්නවා කියලා ......

වාසනාවට මගේ පුත්‍රයා සංගීත්ට negative ඔහු covid  ආසාදනයට ලක් වෙලා තිබුණේ නැහැ ඒක තමයි අපිට ඉතුරු වෙලා තිබ්බ එකම වාසනාව අපි ග්‍රාම නිලධාරි මහත්තයට මේ පණිවිඩය කිවුවහම ඒ උතුම් මනුස්සයා ඉස්සෙල්ලම සංඛ්‍යා ලේඛණවලට අපේ නම ඇතුළත් කරගෙන ඉස්සෙල්ලම කල්පනා කළේ මේ නිවසට කොහොමද උදව් උපකාර කරන්නේ කියලා එතුමා ඉස්සෙල්ලාම කළේ දන්න කියන කෙනෙක් අතේ බඩු පාර්සලයක් අපේ අතට එව්වා රජයෙන් ආධාරයක් හැටියට දෙන එක එතුමාගේ වෘත්තියේදී ඉතාමත් වේගයෙන් එතුමා ඒ කටයුත්ත කළා  මොකද හේතුව මේ වගේ අවස්ථාවක ඉස්සෙල්ලාම ඇතිවන ගැටළුවක් තමයි ආහාර හිඟය කාටවත් එළියට යන්න බැහැ සල්ලි තිබ්බත් මොන මොනදේ තිබ්බත් හරි අසරණ වෙනවා ඒ අසරණ භාවය මුදවන්න රජයෙන් ගන්න  ඒ පිළිවෙල හැටියට  බිම් මට්ටමේ ඉන්න රාජ්‍ය නිලධාරියා හැටියට එතුමා ඉස්සෙල්ලාම කළේ අපිට ආධාර උපකාර කරන එක....පස්සේ එතුමා ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ට දන්වලා එතුමා ගේ දුරකථන අංකත් අපිට දුන්නා ....

දෙවනුව අපි කළේ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ට කතා කළා මම ඔයාලට මතක් කරන්නේ යාලුවනේ මේ කියන වකවානුවේ වකවානුව වෙනකොට  තාම වැසිබර කාළගුණයක් තිබිච්ච කාලයක් මේ තත්ත්වයේදී තමයි අපි අර කිව්ව විශිෂ්ට මනුස්සයට කතා කළේ ප්‍රදේශය භාරව ඉන්න p.h i.මහත්තයා නමින් ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂක  නාවින්න මහත්මයා....එතුමාට දුරකථන ඇමතුමක්  ගත්ත මම කවුද කියලා  කියලා දන්නේ නැතුව පස්සේ දවසක එතුමා දැන දැනගත්තා මම කවුද කියලා මම දුරකථන ඇමැතුම දුන්නේ වෙලාවේ ඔහු මට කිව්වේ එක දෙයයි කිසි දේකට බයවෙන්න එපා හිත ශක්තිමත් කරගන්න ඕන දේකට අපි ඉන්නවා කියලා...පස්සේ එතුමා කිව්වා මට දැන් කියන්න ඕගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද අමාරුයි ද කියලා මම කිව්වා එහෙම දෙයක් නම් නෑ එහෙම නම් ඔහොම ඉන්න මම හෙට උදේ එනකොට ඕගොල්ලන්ගේ ගෙදරට එනවා  මම මේ කතා කරන්නේ රෑ covid  positive දැන ගත්තෙ අපි රෑ....පසුවදා උදේ මම එනවා එතකල් ඉන්න එළියටවත් බහින්න එපා කියලා කිව්වා ඒ වර්ෂාව මැද්දෙ මේ උතුම් මනුස්සයා ලොකු වාහන නැතුව තමන්ට අයිති නිල රථයේ හෝ වේවා මෝටර් සයිකලයේ  වැස්සේ තෙමීගෙන අපේ ගෙදරට ආවා ඒ රජයේ සේවකයෙක් හැටියට රස්සාව කරන්න නෙවෙයි මානව වර්ගයා වෙනුවෙන් එතුමාගේ හදවතේ තියෙන උතුම් ගුණාංගය නිසා ඇවිල්ලා අපිට උපදෙස් දීලා පුතාට කතා කරලා තාත්තවයි අම්මවයි බලාගන්න කියලා අපේ ගෙදරට නිරෝධායන ටික එකක් ගහලා ඊට පස්සේ උපදෙස් දුන්නා  



ඒගොල්ලන්ව විවිධ කඳවුරුවලට යවන්න පුළුවන් covid මර්දන ව්‍යාපෘති තියෙන තැන් වලට යවන්න පුළුවන් එහෙම සුවසේ තමන්ගේ ගෙදරට වෙලා ඉඳගෙන නිරෝධායනය වෙනවද පස්සේ අපි  කල්පනා කරා ගෙදර ඉන්න එක කොයිකටත් හොඳයි කියලා අපි ඉතින් හොදට හිතට ධෛර්යය අරගෙන අපි කිව්වා ගෙදෙට්ට වෙලා ඉන්නං මම අවස්ථාවක ඕනම රැක අවශ්‍යතාවයක් වුණත් එතුමාට කතා කරන්න කියලා මම රෑ දෙක වෙනකන් රාජකාරි කරනවා කොල්ලො ඕන වෙලාවක මට කෝල් කරන්න කියලා එතුමා මට කිව්වා .....හැබැයි යාලුවනේ අපි මොන තරම් චිත්ත ධෛර්යයෙන් ඉන්න උත්සාහ කලත් මේ corona virus එක අපිට එහෙම ඉන්න දුන්නේ නැහැ corona virus එක දරුවන්ට තමන්ගේ දෙමව්පියන් නැති කරනවා ,බිරිඳට තමුන්ගේ ස්වාමියා නැති කරනවා,ස්වාමියාට තමුන්ගේ බිරිඳ නැති කරනවා ඥාතීන්ට තමුන්ගේ ඥාතීන් නැති කරනවා අයියලට මල්ලිලා මල්ලිලට අයියලා නැති කරනවා කොරෝනා වෛරස් එක අපි හිතුවට වැඩිය භයානකයි  දෙකක් අපි ගෙදර ඉන්නකොට මං හිතන්නේ මට හුස්ම ගන්න අමාරු වුණා මගේ ජෙනීට එහෙම උනේ නැහැ එයා මාත් එක්කම කොහෙද ආසාදිතයෙක් වුණාට අපි දෙන්නටම වඩා චිත්ත ධෛර්යයෙන් ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා වේදනාව දරාගෙන අමාරුකම් දරාගෙන හුස්ම ගන්න බැරි එක දරාගෙන නෑ

මට උස්ම ගන්න පුළුවන් කියලා ඉස්සෙල්ලම තාත්තා සනීප වෙන්න කියලා මම පුළුවන් තරම් ඉක්මනින් රෝහලකට ඇතුළත් කරන්න කටයුතු කරා ඒ වෙලාවේ p.h.i. මහත්තයට කතා කරලා පුතා කතා කළා ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය ප්‍රධානියා ට එතුමා වෛද්‍යවරයෙක් එතුමාට කතා වෙනකොට ඒ වෙලාවෙ තිබ්බ ප්‍රධානම ප්‍රශ්න තමයි එතුමා කල්පනා කළා මාව කොහාටද යවන්නේ කියලා එකපාරටම කෙනෙක් ඇතුලත් කරන්න පුළුවන් situation  එකක් නෙමෙයි මේ වෙලා තියෙන්නේ දෙ ස්ථානයකම ලෙඩ්ඩු ගොඩ වෙලා ඉන්න වෙලාවේ ඇඳක් හොයා ගන්න බොහොම අමාරු උනා රෝහලේ  එතුමා එහාට මෙහාට කතා කරලා ඇඳක් වෙන්කර ගන්න අවස්ථාවක් ලබලා දුන්නා මහා රාත්‍රියේ ඒ විතරක් නෙවෙයි  සුවසැරිය ගිලන් රථ සේවාව 1990 විශිෂ්ට සේවයක් කරන කවුද කින්ද මන්ද කියලා හොයන්න බලන්නේ නැතුව  ඕනම වෙලාවක සේවයට කැප වෙලා ඉන්න සුවසැරිය සොයාගෙන ආවා අපිව ඒ වෙලාවේ අවශ්‍ය වෙයි කියලා හිතන සරල ඇඳුම් කීපයක් බෑග් එකට දාගත්තා  ඒ ගැන සිහි කල්පනාවක් මට තිබුණේ නැහැ මට හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැඩිව ඇති වෙනවා කියලා මට තේරුණා ලොකු බයකුත් හිතට ආවා,

මුළු ශරීරයම රිදෙන්න ගත්තා මටයි මගේ නෝනටයි දෙන්නටම ඇඟ රිදෙන්න ගත්තා,එයා ඒක වසන් කර ගත්තා බැරි වෙලාවත් අපි දෙන්නම රෝහල්ගත වුණා නං පුතා ගෙදර තනියම ඉන්න වෙන්නේ ඒ වගේම අහිංසක සත්තු දෙන්නෙක් ඉන්නවා අපේ ගෙදර ට කවුද කන්න දෙන්නේ කියලා හිතලා  සෙල්ලම මාව රෝහලට පිටත් කරන්න ඕනේ කියලා දැන් ආව ඇතිවෙලා ambulance  එකෙන් මාව අරගෙන ගියා ambulance ඒ ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ තරුණයො දෙන්නෙක් ආවේ  නම් ගම් මුකුත් අපි දන්නේ නැහැ රැකියාවට නෙමෙයි කැප වෙලා ඉන්නෙ ජිවිත බේරගන්න ඔවුන් හරියට මල් වට්ටියක මලක් තියා ගෙන යනවා වගේ පරිස්සමින් මාව රෝහලට අරගෙන ගියා හෝමාගම රෝහලට ඕගොල්ලන්ට කියන්නම් දැනට අවුරුදු 59 කට උඩ දී මම ඉපදුනේ ඒ රෝහලේමයි ඒ රෝහල අද covid රොහලක් විදියට නම් කරලා ඒ රෝහලේ ඉන්නේ අද covid-19 වැළඳුණු රෝගීන් පමණයි..පුතේ දැන් මම සුරක්ෂිතයි,මම දැන් රෝහලක් ඇතුලේ ඉන්නේ ඇඳක් උඩ  හෝමාගම රෝහලේ තුන්වෙනි තුන් වෙනි වාට්ටුවේ පස් වෙනි ඇඳේ තමයි මම මුලින්ම ගිහිල්ල දිග ඇඳුනේ ඒ වෙනකොට මට හරි අමාරුයි ඒ ගිහාම වෛද්‍ය කාර්ය මණ්ඩලයට අපේ ළඟට එන්න බැහැ  මොකද ඔවුන් ගේ ජීවිත අවදානමේ ඔවුන් විශේෂ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හෙද කාර්ය මණ්ඩලය කවුද කින්ද මන්ද කියලා අදුරගන්න මුකුත් බැහැ හැබැයි ඔවුන් වීදුරු කුටියක් අස්සෙන් දාපු ග්ලවුස් දෙකක් එක්ක එක දාල අරගෙන මගේ pressure  ලේ ඉක්මනින් පරීක්ෂාවට ලක් කළා...

ලක් කර ඉක්මනින් මාව ඇදට දැම්මා ඒ වෙනකොට මම අනතුරුදායක තත්ත්වයකට තමයි පත්වෙලා හිටියේ අවාසනාවන්ත සිදුවීමක් සිදු වුනා මම ඒකෙන් හුඟක් භීතියට පත් වුණා මම එහෙම වෙන්න හේතුව  covid-19 වැළඳිලා හෝමගම රෝහලට හෝ වෙනත් රෝහලකට ඇතුළත් වන  ඕනම රෝගියෙකුට අත්විඳින්න ලැබෙන දෙයක් තමයි මොනතරම් යාලුවෝ මොනතරම් ඥාතීන් මොනතරම් පවුලේ විය හිටියත් ඒ කාටවත් රෝහලට යන්න හම්බ වෙන්නේ නැහැ රෝගියෙක් හැටියට තමන් ගේ බඩු බාහිර අරගෙන එහෙම තමයි රෝහලට යන්න සිද්ධ වෙන්නෙ ඒ ගිහිල්ලා එතන සිද්ධ වෙන සියලු සිදුවීම් වලට තනිවම තමයි මුහුණ දෙන්න වෙන්නේ එතකොට ඒ තනිකමත් එක්ක මම ඒ රෝහලට ගිහිල්ලා ඇතුළත් කරහම මගේ තනිය ඔක්කොම බාර ගත්තේ  වෛද්‍යවරු හෙද හෙදියන් හෙද කාර්ය මණ්ඩලය මාව භීතියට පත් කරපු හේතුව තමයි මාව ඇදට වැටිලා විනාඩි දහයක් යනකොට අවුරුදු පනස් නවයයි  මට වඩා වයසින් අඩු  ඇඳන්වල හැපි හැපී ඇවිල්ලා  මට එහා පැත්තේ තිබුණු ඇඳට වැටුණා වැටිලා වේදනාවෙන් කිව්වා මට හුස්ම ගන්න බැහැ උදව් කරන්න කියලා මමත් රෝහලට ගිහිල්ලා භීතියට පත් වෙලා හිටපු වෙලාවක්  අනිත් රෝගීන් නිදි පාන්දර එකට විතර ඇති වෙලාව එතකොට එක රෝගියෙක් කෑ ගහලා කිව්වා දාන්න එපා ඔයා වගේ අපිත් ලෙඩ්ඩු කෑ ගහන්නේ නැතුව ඉන්න අනේ නිදා ගන්න ගිහින් කියලා කිව්වා .....

මමත් භීතියට පත් වෙලා මොකද කරන්නේ කියලා හිතාගන්න හිතා ගන්න බැරුව හිටියේ ලඟ අහල පහලක nurse  කෙනෙක් වත් පේන්නේ නැති ඇදක තමයි මම හිටියේ හේතුව මොකද මුළු රෝහලම ලෙඩුන්ගෙන් පිරිලා ගිහිල්ලා අර හුස්ම ගන්න බෑ කිව්ව ඉලන්දාරියා  මම හිතන්නේ විනාඩි දහයක් විතර නිශ්ශබ්ද වුණා මම හිතුවා එයාට ඇඳේ නින්ද ගියා කියලා ටික වෙලාවකින් රෝහල් සේවකයින් දෙදෙනෙක් ආවා ඔවුන් කවුද කියලා අඳුර ගන්නත් බැහැ ඔවුන් ඇඳල හිටපු ඇඳුම නිසා  මම කිව්වා අනේ මල්ලියේ ඔය ඇඳේ ඉන්න ලෙඩාව පොඩ්ඩක් බලන්න එයාට හුස්ම ගන්න බැහැ කියලා  පස්සේ එයාව හෝලවල අතගාලා බලනකොට ජීවිතයෙන් සමු අරගෙන  මාව බොහොම භීතියට පත් කළා ඒ අඩි දෙකක් තුනක් එහා පැත්තෙ තියෙන ඇඳක් උඩ දේහයක් තියෙනවා  කතා කර කර හිටපු මනුස්සයෙක් covid රෝගය භයානකයි ලේසි නෑ වැළඳුණොත් වෛද්‍යවරු අතටයි දෙවියන් වහන්සේ අතටයි ජීවිතයේ යනවා....මෙතනින් පස්සෙ තමයි මගේ කතාව පටන් ගන්නේ....මට රෝහලේදී එන්න එන්නම අසාධ්‍ය තත්වයට පත්වෙන්න සිද්ධ වුණා මම දින දෙකක් ඒ රෝහලේ ප්‍රතිකාර ගත්තා  ඒ ගන්නා අතරේ මට තේරුණා මගේ තත්ත්වය බරපතළ වෙනවා කියලා

 වාට්ටුව භාර වෙලා ඉන්න ප්‍රධාන වෛද්‍ය ආචාර්ය තුමා  මට කතා කරලා වීදුරු කාමරයක් ගාවට කතා කරලා ඔයාගේ තත්ත්වය ටිකක් හොඳ මදි කලබල වෙන්න එපා ඔයාව අපි පේන ඇඳකට ගන්නවා ඇස් පේන මට්ටමේ තැනකට ඔයාව ගන්න ඕනේ කියලා අංක 12 දරණ ඇඳට මාව ගත්තා රැගෙන ඔවුන් මට විශේෂ ප්‍රතිකාර පටන් ගත්තා හැබැයි ඒ මොන ප්‍රතිකාර කළත්  මාරයා ඊට වැඩිය ප්‍රබල වුණා මගේ ජීවිතය උදුරා ගන්න මාරයා ලෑස්ති වුණා ඒ වෙලාවේ වෙලාවේ මට මොනවද කරන්න ඕනේ කියන එක කල්පනා කරගන්න බැරුව ගියා පැත්තකින් පුතා කතා කරලා මොකද කියලා අහනවා එක පැත්තකින් ජෙනී කතා කරලා අහනවාමොකද්ද කරන්නෙ කියලා  දේකටවත් උත්තර දෙන්න දෙන්නවත් call එක answer  කරන්න වත් මට කල්පනාවක් තිබුණේ නැහැ හැබැයි මම ගැන ඇහැ ගහගෙන හිටපු වාට්ටුව භාර වෛද්‍ය ආචාර්ය තුමා දැනගත්ත මෙයාට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි මම හිතන්නේ වැඩි ප්‍රතිකාරයකට යා යුතුයි කියලා තීරණය කළා....''

✿සංගීත් සතරසිංහ - ''එන්න එන්නම තාත්තිට අමාරු උනා අපි කතා කරන හැම වෙලාවෙම මම හැම වෙලාවෙම කතා කරනවා මම පැය බාගෙන් බාගෙට කතා කරනවා මොකද මම දන්නවා තාත්ති මෙහෙම හිටියට මීට වඩා sensitive ටක් ගාල එයා mentally වැටෙනවා....''


✿සුරංග සතරසිංහ -'' ඒ වෙලාවේ මම පුතාට කිව්වා පුතේ ඔයා ඉක්මනට එන්න මට ඔයාව ඕනේ කියලා....පස්සේ  මම කල්පනා කලා මම නං ලෙඩෙක් මගේ පුතාව කොහොමද මේ ලෙඩේ හෙලන්නේ කියලා එතෙන්ට ගෙනාවොත් එයත් අනිවාර්යෙන්ම රෝගියෙක්....''


✿සංගීත් සතරසිංහ - ''මම ලෑස්ති වුණා මම වෙනම බෑග් එකකුත් හදාගෙන MOH  ට ලියුමක් ලිව්වාමගේ ජීවිතය ගැන වගකීම මම ගන්නවා අපි ගාවට යන්න මට අවසර දෙන්න කියලා....''


✿සුරංග සතරසිංහ - ''මම ගෙදර ආවට පස්සෙ ඒ ලියුම මම දැක්කා මාව  දොළොස් වැනි ඇඳට දාලා පස්සේ මගේ තේ නරක අතට හැරෙනවා කියලා දැනගත්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තුමා තීරණය කළා මගේ සත්කාර දැඩි විය යුතුයි කියලා මට කතා කරලා කිව්වා බය වෙන්න එපා ,අපි ඔයාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනවා කියලා .....''


✿සංගීත් සතරසිංහ - ''කලින් කියන්න ඕනේ තාත්තව ICU දාන්න කලින් ඔක්සිජන් ඕන වුණා වැදගත් කාරණාවක් මේක පුළුවන්නම් ගන්න මම ගත්තෙ රුපියල් 3800 ට වගේ ඒ ගැජට් එක oxymeter කියලා කතාව අතරතුර මම ඒක පෙන්නන්නම්...එක් අපේ ඇඟිල්ලට දැම්මහම අපිට බලාගන්න පුළුවන් අපේ දැනට කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් ඇගේ තියෙනවද කියලා ගෙන් බලන්න පුළුවන් අපේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය කොච්චර තියෙනවද කියලා  ඒකෙ සීයට සීයක් තමයි සාමාන්‍ය ගාන ඒක 92%,91% පල්ලෙහාට යනවා කියන්නේ අවදානමක් එනවා තාත්තිට ඒ අවදානම ආවා තාත්තිට 85 ට බැස්සා එකපාරටම.....''

✿සුරංග සතරසිංහ - ''ඒ විතරක් නෙමෙයි අසූ පහෙන් උඩට develop වෙන්නේ නැතුවත් ගියා එකම හෝමාගම රෝහලේ ඒ සියලුම උපකරණ තියෙනවා හැබැයි වෛද්‍යවරු මට ඒ බව නොකියා ඔයා කලබල වෙන්නෙ නැතුව ඉන්න ඔයාට අපි ප්‍රතිකාර කරනවා කියලා පුළුවන් තරම් ඉක්මනින් දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයට මාව යොමු කළා දැඩි සත්කාර ඒකකයට දැම්මෙත් එක්තරා දවසක සවසක ඒකට මාව එක්කගෙන ගියා එක්කගෙන් පස්සේ සත්කාර ඒකකය භාරව ඉන්න ප්‍රධාන වෛද්‍ය ආචාර්ය තුමා වෛද්‍ය විශේෂඥවරයෙක් වෛද්‍ය ආචාර්ය පණ්ඩුල මහත්මා එතුමා තමයි ඒ වාට්ටුව භාරව ඉන්න කෙනා එතුමා එතනට රෝගියෙක් ගිහාම ඔහුගේ තරාතිරම පුද්ගලයා කවුද ඒවා ඔහුට වැඩක් නැහැ ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය කරන්නේ එතනට එන මනුස්සයට දැඩි සේ සත්කාර කරන එක  දැඩි සත්කාර ඒකකයට මාව ගෙනිච්චට පස්සේ මට කරන්න තිබ්බ එකම දේ රෝගියෙක් විදියට නොසෙල්වී ඇඳේ වැතිරිලා ඉන්න එක පමණයි යාලුවනේ මේක කියන්නම ඕනේ මේවා අපි නොදුටු ලෝක අපි දැක්කේ නැති ලෝක....

පිටි සත්කාර ඒකකය කියන්නේ අපි නොදන්න වෙනම ලෝකයක් එකට යන්න සිද්ධ වෙන තත්ත්වයක් උදා වුණොත් පමණයි යන්න වෙන්නෙ ඒකෙ තියෙන්නේ සීමිත ඇඳන් ප්‍රමාණයක් සීමිත ඇදන් ප්‍රමාණයක් එක්ක අසීමිත සේවාවන් එතන සිද්ධ වෙනවා....එතනට ගියාම වෛද්‍යවරු කවුද හෙට හේතුව කවුද කියලා අපිට අඳුර ගන්න බැහැ ඒකට හේතුව ඒගොල්ලො විශේෂ ඇඳුම් කට්ටලයක් ඇඳ ගැන හරියට නිකන් හඳට යන්න වගේ ඇඳගෙන ඉන්නෙ මොකද අපිට ප්‍රතිකාර කරලා ඒගොල්ලො ඒගොල්ලන්ගෙ දරු පවුල්වලට යන්න ඕනේ එතනට ගියාට පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යන්ත්‍ර වලට බාරදුන්නා එකක් තමයි පපුවට හයිකරන ඊසීජී යන්ත්‍රය අනිත් පැත්තෙන් නහයට හයිකරන වේගයෙන් එන wet oxygen  අනිත් පැත්තෙන් බෙහෙත් මිශ්‍ර සේලයින් සේලයින් ගණනාවක් එකිනෙකට ම ලේ පරීක්ෂාවන් මට නිතර ප්‍රතිකාර කිරීම මේ සියලු දේම ඇඳ උඩ තියාගෙන කළා පෙමේ ප්‍රතිකාර වලට එහා ගිය තව දෙයක් සිද්ධ වුණා එක තමයි මෙතන කියන්න ඕන වැදගත්ම දේ ඔයාලට කියන්න මම ඇඳ උඩ ඉන්න රෝගියෙක් විතරයි කටුව මැද්දේ එක පැත්තක මරණය එකම පැත්තක ජීවිතේ මේක කොයි පැත්තට යනවද කියන එක හොයාගන්න බැහැ

එතන තමයි මම රැඳිලා හිටියේ ඒ හැම මොහොතෙම මගෙ ලඟට ඇවිල්ල මගේ දත් මැදලා ඇඳ උඩ මට මුත්‍රා මලපහ යනවා ඒ සියලුම දේවල්  හිරිකිතයක් නැතුව ඒ දේවල් ඇදලා සුද්ද  පවිත්‍ර කරලා මාව සබන් දාලා හෝදලා නාවලා රැවුල් කපලා ඒවා අපිට ගෙදරදි වත් කරගන්න අමාරු වැඩ රෝගියෙක් එතනට ගියාම එයා මේ රටේ ජනප්‍රිය පුද්ගලයෙක් ද කවුද කියලා ඒ අයට අදාල නැහැ ඒගොල්ලො ඒගොල්ලන්ගෙ සේවාව විශිෂ්ට විදිහට උතුම්ම විදිහට කළා covid රෝගයෙන් මිදීම සඳහා කිසිම  බෙහෙතක් නැහැ බෙහෙත හැටියට තියෙන්නෙ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න එක ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න ඕන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි වෛද්‍ය ප්‍රතිකාර දෙවෙනි එක තමයි මානසික ප්‍රතිකාර දැඩි සත්කාරය එකකයේ  කළේ වැඩි හරියක් මානසික ප්‍රතිකාර  වෛද්‍ය ආචාර තුමෙක් මගේ ගාවට ආවා මම වෛද්‍ය වරයෙක්  එතකම් ම අදුරන්න බැහැ

ඇදුම් ඇදලා ඉන්නකොට කවුද කියල අඳුරන්න බැහැ ඉතින් ඒ doctor ඇවිල්ලා මගේ අතින් අල්ල ගත්තා මට දෙයක් කියන්නම් ඔයාට අපි  හිතුවත් නැතත් ඕන කරන සියලුම ප්‍රතිකාර මෙතනදී කරනවා ඒත් අපිට කරන්න බැරි කොටසකුත් තියෙනවා කරන්න බැරි කොටස තමයි ඔයාගේ මානසික ඒකාග්‍රතාවය තියා ගන්න එක ඔයා සතුයි මේ අවට සිද්ධ වෙන  මේ අවට සිදුවන දේවල් ගැන එච්චර සැලකිලිමත් වෙන්න එපා ඔළුවට ගන්න එපා කියලා කිව්වා මම කල්පනා කලා මොනාද මේ කියන්නේ කියලා බැලුවහම හරි භයානක දේවලුත් එතැන සිද්ධ වෙනවා....ඇත්තම කියනවා නං මගේ දකුණු පැත්තේ තිබ්බ ඇද හරිම අවාසනාවන්ත ඇදක් මම දවස් අටක් දැඩි සත්කාර ඒකකයේ ගත කරපු කාලය ඇතුළත ඒ ඇඳේ  මට වඩා වයසින් බාල අය හයදෙනෙක් ජීවිතේ අත ඇරලා ගියා ....ඒ හය දෙනකුගේ ජීවිත අතහැරලා යනවා මම ඇස් දෙකෙන් දැක්කා මම භීතියට පත් වුණා මෙන්න මේ නිසා තමයි මම මේ කියන්නේ sanitizer පොඩ්ඩකට මුහුණු ආවරණයකට හරි අපි දැන් ආරක්ෂිතයි කියලා මනස හදා ගන්න එපා  අපි හරි දැඩි භයානක වසංගත රෝගයකට මුහුණ දීලා අපි දැන් ඉන්නේ ජාතියක් විදිහට අපි මේකට මුහුණ දෙන්න ඕනේ බොහෝම ශක්ති සම්පන්නව හැමවෙලේම  ස්ථාවර කරගන්න ආරක්ෂිතයි කියන  ගන්න එතැනට වැඩ කටයුතු කරගන්න බයවෙන්න එපා බියවීම හරි භයානකයි

මම මේ විදියට දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්න අතරේ දැං ඔන්න මට වෙන ප්‍රශ්න එනවා ඒ තමයි මගේ පුතා ගෙදරින් කතා කරලා අහනවා ඒ ගොල්ලො  වාට්ටුවට කතා කරනවා ඒගොල්ලො ගෙදර කන්නේ නැහැ  මොකද හේතුව මේ ගොල්ලෝ බියෙන් ඉන්නේ  මොකද මං වගේම එක දවසම කොවිඩ් ආසාදන වෙච්ච අනිත් කෙනා තමයි ජෙනී ගෙදර එයා නිරෝධායන වෙනවා මේ හැම අමාරුවක් ම දරාගෙන ඔක්කොම අතරේ ඉතාම වැදගත් දෙයක් සිදු වුණා  ඒ තමයි මගේ ආදරණීය ජෙනීගේ ආදරණීය මව අන්තරයෙන් ම දෙවියන් වහන්සේට යාඥා කළා මගේ ජීවිතයේ ඉල්ලලා ගේ පවුලේ සහෝදර සහෝදරියෝ  පුජකවරු නිරන්තරයෙන් මං වෙනුවෙන් යාඥා කළා පිටරට වල ඉන්නවා අපේ හිතවතුන් අපේ ඥාතීන් අපි වෙනුවෙන් හැම වෙලේම අසල්වාසීන් මට ලොකු support එකක් දුන්නා....ජෙනීගේ ඉස්කෝලේ ස්ටාෆ් එක පොඩි හාමුදුරුවෝ සෙත් පිරිත් කියන්න පටන් ගත්තා මේ වගේ බලය මට දැනෙන්න පටන් ගත්තා .....

එහෙන් කටු ගහල මෙහෙන් කටු ගහල මගේ දේවල් කරගන්න බැරුව මම මාර අමාරුවක දැඩි වේදනාවක් විදින වෙලාවක එක පැත්තකින් වෛද්‍ය ප්‍රතිකාර කරන අතරේ අනිත් පැත්තෙන් මානසික ප්‍රතිකාර කෙරුවා  මේ දෙක  නොකෙරෙන්න මට අද ගෙදර එන්න බැහැ  මොකද මම පොලිතීන් පැකට් එකේ හය දෙනෙක් ගෙදර යනවා ඇස් දෙකට දැක්කා...''



✿ජෙනී - ''එක දවසක් පාන්දරක තාත්තා කතා කරනකොට කතා කරගන්න බැහැ මං  හයියෙන් කෑගහලා පුතාට ඇවිල්ලා කියලා ඇවිල්ල කියල බුදු ඇවිල්ලා කියලා බුදු හාමුදුරුවන් ළඟට ගිහින් අනේ බුදුහාමුදුරුවනේ මගේ මහත්තයව බේරලා දෙන්න කියලා කන්නලව් කළා පුතා හොඳින් මාව බලාගත්තා තිස්සෙම මාව බැලුවා...''

✿සංගීත් සතරසිංහ - ''අපි හිතමු මේ වගේ වෙලාවක ආසාදනය වෙච්ච කෙනෙක් ගෙදර ඉන්නවා කියලා එයා ගෙදර නිරෝධායන වෙනවා නම්  අපහසුතාවයන් තියෙනවා නම් සහ  රෝහලකට ඇතුලත් නොකර ඉන්නවා නම් පුළුවන්නම් බලන්න oxymeter ළඟ තියාගන්න හැමවෙලේම බලන්න කොච්චර එයාට ඔක්සිජන් ප්‍රමාණයක් pressure  එක බලන්න specially suger බලන්න උපකරණ මහා ලොකු ගණන් වෙන්නේ නැහැ phamacy  වල ගන්න තියෙනවා අරං තියා ගත්තට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ මොකද අපි ගෙදර හිටපු දවස් දෙකේ  තාත්තා  හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරපු වෙලාවේ suger බලනකොට තාත්තිගේ suger හාරසිය ගණනට ගිහින් තිබුණා  ඒක අපිට බලාගන්න බැරි වුණා ගෙදරදි  අද තාත්තේ තාත්ති suger patient කෙනෙක් මට ඒක බලන්න බැරි වෙච්ච ක ලොකු වැරැද්දක්....එක නරකම කාරණාව තමයි ඒ වෙලාවෙ තාත්තිට ඩෙංගු වැළඳිලා තිබුණා... ''

✿සුරංග සතරසිංහ - ''ඩෙංගු  හැදීලා කියලා මම දැනගත්තේ ඉස්පිරිතාලෙට ගියාට පස්සේ....''

✿සංගීත් සතරසිංහ - ''එන්න එන්නම මම කතා කරන කෝල් වලට තාත්තා කියන්නෙම අපි දැං ඔයාට කොහොමද කියල ඇහුවහම අංක වශයෙන් අහනවා තාත්තිට suger කොච්චර ද දැන්  ඔක්සිජන කොච්චර ද මමත් හැම වෙලාවෙම search  කරා google  එකේ කොරෝනා වලින් එන side effect මොනාද  ඕන කෙනෙක්ට මේ දේවල් ගැන දැනුවත් වෙන්න පුළුවන් internet  එකේ touch එකේ ඉන්න තමන්ගෙ කෙනෙක්ට වැළඳුණොත් මේකෙ අපිට හිතාගන්න බැරි තරම් අමාරු ප්‍රතිඵල එන්නෙ ගොඩාක් වෙලාවට හොඳට ඉන්න අය තමයි ජීවිතේ අතහැරලා යන්න වෙන්නෙ දාලා දන්නේ නැහැ එයාලා ඉන්න condition එක මොකක්ද ලෝකෙ කොහෙවත් තවම බේතක් සොයා ගෙන නැති එකක්  පුළුවන්නම් තමන්ට එන්නත එනවනං ගන්න කොහොමහරි කරලා අපිට ඒක මග හැරුණා


...මොකක්දෝ වාසනාවකට මට ඒක හැදුනෙ නැහැ  ICU එකට දාන්න කලින් දවසෙ තමයි තාත්තීට ඔක්සිජන් ගැහුවෙ ඒත් ඔක්සිජන් නැග්ගේ නැහැ  ඩොක්ටර්ස්ලා තමයි මේ වෙලාවේ number one දෙවිවරු පස්සේ තමයි දෙවියෝ එන්න එතෙන්ට ඩොක්ටර්ස්ලා ඒගොල්ලන්ගෙ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමයෙන් ම තාත්තට කළා මුළු කිව්වේ එතනට එන හැම patient  කෙනෙක්ටම  තාත්තිට වඩා ප්‍රතිකාර කරපු ගොඩක් අය නැති වුණා තාත්තිගේ මොකක්දෝ වාසනාවක් තිබ්බා සහ අපේ මොකක්දෝ පිනක් තිබ්බා එහෙම නොවෙන්න  ICU එකට ගියපු ගොඩක් අය හරිම අඩුවෙන් ගෙදර එන්නේ ....මේ කාල වකවානුව ඇතුලත වෙච්ච දේවල් මම මේ කියන්නේ....එකම එකම දේ තමයි එතැන සිද්ධ වෙන්නේ නමුත් ඉතින් තමන්ගේ කර්ම ශක්තිය mask එකක් දාන්නෙ කියන්නෙ නිකං නෙවෙයි

අත් සෝදන්න කියන්නේ නිකන් නෙවෙයි touch එකෙන් මේක සෑහෙන්න බෝ වෙනවා ලු මම නෙමේ කියන්නේ මේක සම්බන්ධ දැනුම තියෙන අය මේවා කියන්නේ...mask එකක් දාගෙන මේකෙන් වැළකෙන්න පුළුවන් දෙක ඇයි අපි විහින් මේක දාගන්නේ අනිත් එක රජයෙන් හරි කොහෙන් හරි අපිට අවවාදයක් දීලා තියෙනවා නං කොහෙවත් යන්න එපා කියලා කියලා තියෙනවා නං‍ යන්න එපා යන්න එපා කියන්න හේතු තියෙනව  වෙන දරුණුකම දන්නෙ නැහැ...හරි වේදනයි මේ වෙච්ච දේවල් ගැන කියන්න තාත්ති ගෙදර එන්න දවස් දෙකකට කලින් මට හුස්ම ගන්න බැරුව ගියා රෑ ටක් ගාලා රෑ මගේ නෑ වෙන අයියා කෙනෙක් ඇවිල්ලා මාව අරගෙන ගියා මම කිව්වා මට තියෙන්නෙ covid නෙමෙයි මට හුස්ම ගන්න බැහැ හැබැයි ගිහින් ckeck කරහම ඩොක්ටර්ස්ලා බලල මට කිව්වේ  ඔයාට කොරෝනා නෙමෙයි ඔයා stress වෙලා ඉන්නේ gay blackground එකේ වෙලා තියෙන දේවල් එක්ක ඔයා stress වෙලා ඉන්නේ....මොකද මගේ ඔළුවේ තියෙන්නේ තාත්ති මෙහෙම condition එකක ඉන්නෙ අම්මි මෙහෙම condition එකක ඉන්නේ කියලා....ඒක ඇතුළෙ තියෙන්නෙ ලොකු කතන්දරයක්.....''

✿සුරංග සතරසිංහ - ''ඒකෙදි covid වලින් ඇඟට ඇතුළු කරන පීඩනයට වඩා විශාල  මානසික ව්‍යාධියක් ඇති කරනවා මේ මුළු පවුල් පද්ධතිය තුළ ම දැඩි සත්කාර ඒකකය කියලා කියන්නේ මනුස්සයෙක්ට යම්කිසි අවාසනාවක් නිසා යන්න සිද්ධ වෙන නමුත් ජීවිතය වාසනාවක් ලැබ ගන්න පුළුවන් ස්ථානයක් මේ ඉන්නේ වෛද්‍යවරු වත් හෙද හෙදියන්වත්  නෙවෙයි  දෙවියන්ගෙන් ආශිර්වාද ගත්  දෙවිවරු තමයි එතැන ඉන්නේ මෙතනදී දහස් ගානක් දෙනා මට උදව් කළා....ඒ වෙලාවේ දී කන්න බොන්න බැහැ මගේ පුතාගේ යාලුවෙක් මට තුන් වේලම රසට බත් එකක් ගෙනත් දුන්නා කෑම වේල දුන්නා ඒ වගේ වගේම අපේ අසල්වැසියො පුතාටයි දෙන්නටම කෑම වේල් දුන්නා හැමවෙලේම අපි දෙන්නම බලා ගත්තා නම් නොකිව්වට විශාල පිරිසක්    සමහරු අමාරුවෙන් උපය ගත්ත මුදල් අපේ බැංකුවට එවලා තිබ්බා  වෙලාවේ අපිට ලොකු ධෛර්යයක් දුන්න ඕස්ට්‍රේලියාවෙන් ....ඒගොල්ලොන්ට එන්න බෑ ඒගොල්ලො හැමතිස්සේම කතා කළා....

අපි හරිම දුර්වල මිනිස්සු අපි දුර්වලයි කියලා කියන්නේ අපේ මෝඩ ශක්තිය ට  මේ මෝඩ ශක්තිය තමයි අපි ගෙදර හොදින් ඉන්න කාලේ කාලා බීලා ඉන්නකොට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කොට අපි හිතනවා අපි හොඳ චන්ඩි කියලා  වෙලාවට අපි ඉස්සෙල්ලාම කරන්නේ අපේ ලඟම ඉන්න ආදරණීයයන් අමතක කරන එක  අපේ ආදරණීයෝ තමයි හැම වෙලේම රැක ගන්න ඕනේ මේ වගේ කරදරයක් වෙච්ච වෙලාවට සල්ලි තිබුණත් වැඩක් නැහැ  මිනිස්සුන්ගේ ආදරයට කරන්න පුළුවන්දේවල් හරිම ලොකුයි....''

✿සංගීත් සතරසිංහ - ''අම්මි ඇවිල්ලා මට කියන කොට සෙම වැඩි වෙලා පුතේ දැන් මට අමාරුයි කියලා කල්පනා කරනවා මොකක්ද මම කරන්නේ  අපි එහෙන්  hospital  එකේ  තාත්ති ගාවට යන්නත් ඕනෙ අම්මිව දාලා යන්නත් බෑ එක දවසක් ආවා  ඒ tention  එක මාර tention  එකක් තාත්ති කතා කළේ දැන් නම් බෑ පුතා මං ගාවට එන්න  ඩෙංගු හැදිච්ච මනුස්සයෙක්ව ඇඳෙන් වත් බස්සන්නේ නැහැ මොකද මට ඩෙංගු හැදිච්ච කෙනෙක්  මම දන්නවා මොකක්ද එතන වෙන්නේ කියලා covid හැදිච්ච වාට්ටුවට තව කෙනෙක්ට යන්න බැහැ ඒ හැමදේටම තාත්ති තනියම යන්න ඕනේ ඒ යන්න යන්න තාත්තා තව තව දුර්වල වෙනවා මේ හැමදේම වෙන අතරතුර තාත්ති අන්තිමට කියනවා දැන්නම් පුතා වෙච්ච දෙයක් වෙච්ච දෙන් කියලා එහෙම වචනයක් කිව්වා මම කිව්වා නෑ තාත්ති එහෙම නෙමෙයි ඔයා අතාරින්න එපා මා ඔලුව කෙලින් තියාගෙන ඉන්න  ඔයා ඇස් දෙක පියාගෙන ඔයා නැගිටින හැම වෙලාවකම  මට හොඳ වෙනවා කියලා හිතාගෙන නැගිටින්න නිදාගන්න....මේක හැදිච්ච කෙනෙක් නම් හොඳට කාල ඇගේ හයිය හදා ගන්නම ඕන මොකද ප්‍රතිශක්තිකරණය  ඇගේ හැදෙන්න නම් හොදට හයිය තියෙන්න ඕනේ අපි හිතනවට වඩා මේක හරිම භයානක දෙයක් මේක දරුණු කම දැනෙන්නේ hospital  එකේ ඉන්න මනුස්සයට වඩා ගෙදර ඉන්න මනුස්සයන්ට....''

✿සුරංග සතරසිංහ  - ''එක්තරා අවස්ථාවක ඇත්තටම මම සටන් කරලා සටන් කරලා මගේ හිතත් එක්ක මම පැරදුනා  පැරදිච්ච වෙලාවේ මම කතා කරල කිව්වා දැන් ඉතින් මට වෙන දෙයක් වෙයි දැන් මේවා දරාගෙන මම ඉන්නවා කියලා එතැනදී මම ජීවිතය ගැන තියෙන ආශාව අත හැරියා එතනදි මම කල්පනා කරා අම්මව පුතා බලා ගනියි  පුතෙක් නේ මට ඉන්නේ දැන් ඉතින් මට නිදහසේ ඇස් ඇස් දෙක පියා ගන්න සිද්ධ වුණොත් මම එහෙම කරනවා කියලා....''



✿සංගීත් සතරසිංහ  -'' මට එක තැනක පුළුවන් වුණා අම්මිගේ moral  එක හදන්න  මොකද තාත්ති කතා කරලා අමාරුව කියන සැනෙන් අම්මි අඬාගෙන එනව වෙලාවට මම ආයිත් පත්තුවෙලා දගලනව ඇඳුම් ලෑස්ති කරගෙන යන්න හදපු වාර අනන්තයි මම යන්න හදනවා ඊට පස්සේ තාත්ති අම්මි ආයිත් කතා කරලා කියනවා නැහැ එන්න එපා නිරෝගී කෙනෙක් එතැනට ගියා අනිවාර්යෙන් එයාට ඒක එන්න තියෙන ප්‍රතිශතය වැඩියි එතකොට ඩොක්ටර්ස්ලා කියන්නේ එන්න එපා පුතා ඔයා ගෙදර ඉඳන් අම්මිව බලාගන්න තාත්තිව අපි බලා ගන්නවා කියලා  රට කරන්න ඕන ඕනේ treatments ඔක්කොම අපි කරනවා එක තැනකදි අම්මි ඔලුව හදා ගත්තා  අම්මි හිතාගත්තා නෑ මම කොහොම හරි ජීවත් මම තාත්තිව හොඳ කර ගන්න .....

ඒක තමා මට අමාරුම වෙච්ච වැඩේ....මේ කතන්දරේ ඕගොල්ලොත් එක්ක එක්ක share කරගන්න හිතුවේ  මොනවත් හින්ද නෙවෙයි මේක හරි ම දරුණු ලෙඩක්  මහ එපා කරපු ලෙඩක් කොච්චර කාලයක් මේකත් එක්ක ජීවත් වෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ නමුත් මොකක් හරි දෙයක් හම්බ වෙනකම් මේ ලෝකෙට අපි පරිස්සම් වෙන්න ඕනේ මොකද මේ හැම ජීවිතයක්ම වටිනවා  හැම මනුස්සයෙක්ගේ ම ජීවිතයට ලොකු value එකක් තියෙනවා ඒනිසා තමයි මේ ලෝකෙට හැම කෙනාම එන්නෙ ඉතින් පරිස්සම් වෙන්න ගෙදරට  ගෙන බඩු මල්ල පවා sanitizer  කරන්න  සල්ලි  අත ගෑවොත් sanitizer  කරන්න ගෙදරට එනකොට ඇඳන් ආපු ඇදුම එලියෙ දාලා ඒක එළියෙන්  හෝදන්න දාන්න  දෙවල් කරන්න...''

✿සුරංග සතරසිංහ - අනිත් එක වෛද්‍යවරු මට ගොඩක් උපදෙස් දුන්නා ඇඳුම් අඳිනකොට ගෙදෙට්ට ඇන්දත් කමක් නෑ iron  කරල අඳින්න කියලා සල්ලි අල්ලනකොට සල්ලි පර්ස් එකේ තියෙන ඒවා ඔක්කොම iron කරන්න කියලා කිව්වා ඒ රත්වීම තුළ covid විසබීජය මර්දනය  වෙන හින්දා ඒ වගේ ගොඩක් දේවල් ගොඩක් දේවල් තියනවා පරිස්සම් වෙන්න....අපේ කතන්දරෙන්  කියමින් බලාපොරොත්තු වුණේ මොකුත් නෙමෙයි ඔයාලාව ආරක්ෂා කරගන්න අපිට වෙච්ච විපත ඕගොල්ලෝ ඇතිකරගන්න එපා මේ විපතට පයින්න එපා මේක විශාල මානසික ව්‍යාධියක් පවුල් උඩු යටිකුරු කරනවා ජීවිත අහිමි කරනවා ආදරණීයන් නැති කරනවා එනිසා හැම කෙනාටම ආදරය කරන්න අනුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගන්න අනුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන නම් තමන්ගේ ජීවිතේ සෞඛ්‍ය ආරක්ෂිතව ගත කරන්න

 අපිට තව කී කාලයක් ඉන්න වෙයිද දන්නේ නැහැ අනිත් එක මතක තියාගන්න තමුන් ගාව ඉන්නේ ධෛර්යමත් අය...මේක නී රස කතාවක් වෙන්න පුළුවන් නමුත් මෙ නී රස කතාවෙන් කොල්ලො ගන්න දෙයින් ඕගොල්ලන්ගේ ජීවිත දවසක රසවත් වේවි... සංගීත් සතරසිංහ - පරිස්සමින්  ඉන්න සියයට ලක්ෂ ලක්ෂවාරයක් ඔලුවට ගන්න අපි නොකිව්වට ටීවී වල නිවුස් වල හැමවෙලේම යනවා ඒ හැම දේ ගැනම ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න ඔයාලා ඔයාලගේ ආදරණීයයන් මේකෙන් පරිස්සම් කරගන්න මේක ලේසි පහසු කතන්දරයක් නෙවෙයි පරිස්සම් වෙන්න කියලා කියල කිව්වෙ නිකං නෙවෙයි...

ඒ වගේ situation  එකක ඉදලා එකක ඉදලා අද වෙනකොට අම්මි තාත්ති දෙන්නම නිරෝගී තත්ත්වයෙන් ඉන්නවා ඉතිං ඒ අවස්ථාව හැමෝටම හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මම දන්න ගොඩක් පවුල් වලට මේක හැදුනහම එයාලගේ අනිත් හැමෝටම හැදිලා තියෙනවා එක පුදුම අවාසනාවක් ඒ අතරින් කෙනෙක්ට  අමාරු වුනොත් ඉන්න අනිත් ආදරණීයන්ට එක දරාගන්න බැරි වෙනවා මේක අත් විඳපු අය වැඩියි...ඒ නිසා දැන් ලංකාවේ හරියට බැලුවොත් covid නෑ කියලා කණ්ඩායමක් නැහැ දැන් ඉන්නේ covid වැළඳුණු අය අපිත් අය covid වැළඳිලා නොදැන ඉන්න අය මේ තමයි දෙක එහෙම බැලුවොත් මුළු මුලු ලංකාවටම covid වෙන්න පුළුවන් කාටවත් syntoms නැති වුණාට එයාගෙ ඇඟේ මේක තියෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමින් කල්පනාවෙන් ඉන්න ආරක්ෂිත උපදෙස් පිළිපදින්න ඒක තමයි කරන්න පුළුවන් ලොකුම ඉල්ලීම පරිස්සමින් ඉන්න....''