sando-harris-passed-away

ප්‍රකට ප්‍රහසන නළු සැන්ඩෝ හැරිස් මහතා අද(11) අභාවප්‍රාප්ත වී තිබෙයි. ඔහු මියයන විට 58 හැවිරිදි වියේ පසුවූයේය.
හැව්ලොක් පෙදෙසේ හැව්ලොක් ගාර්ඩ්න්ස් හි පිහිටි නිවසේ සිටියදී සැන්ඩෝ හැරිස් මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය. ඔහු  මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බවත් හෘදයාබාධය ඇතිවීමෙන් අනතුරුව හෙතෙම ඇද වැටී ඇති බවත් පවුලේ අය දන්වා තිබේ.
 මේ වන විට ඔහුගේ දේහය පෞද්ගලික රෝහලක තැන්පත්කර ඇත.


වේදිකාවේ කලකට ඉහත ප්‍රකටවූ ‘සාජන්ට් නල්ලතම්බි‘ චරිතයට සමාන චරිත වල රංගනය නිසා සැන්ඩෝ වඩාත් ප්‍රකට විය.
ජයශක්ති චිත්‍රපටයෙන් රංගන දිවිය ආරම්භ කළ ඔහු මුලදී සටන් නළුවෙකු වූ අතර පසුව විකට නළුවෙකු විය.
කොමන් මෑන් (2013), කෝටි සනා (1999) සහ පෙම් මල් මාලා (1997) ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපෑවේය.