ranil-anura-kumara

මහමැතිවරණයෙන් පසු පළමු වරට එජාප මන්ත්‍රීධූරය දරන එකම පුද්ගලයා ලෙස හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට එක්වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට පාර්ලිමේන්තුවේ අංක 13 පුටුව වෙන් කොට ඇති බව වාර්තා වේ.





මීට පෙර වාර්තා ‌වී තිබුණේ අංක 16 දරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද ආසනය ඒ මහතාට වෙන් කොට ඇති බවකි.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ බලධාරීන්ට ලිපියක් යොමු කොට මෙම වෙනස සිදු කළ හැකිදැයි විමසා තිබේ. එයට පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇති අතර
 මෙතෙක් සම්බන්ධන් මහතාට හිමිව තිබූූ අංක 13 ආසනය වික්‍රමසිංහ මහතාට ලබා දී ඇතැයි වාර්තා වෙයි.