
ජනාධිපතිතුමා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විචාළේය. උන්වහන්සේ සෙත් පිරිත් සඡ්ඡායනා කොට ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ.
මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විචාළේය. අනු නායක හිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝවාසය ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබිණ.
මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත්තේය.
රටේ වර්තමාන දේශපාලන, සමාජ හා ආර්ථික තොරතුරු රැසක් පිළිබඳව මහා නායක, අනු නායක ස්වාමීන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙහිදී කරුණු පැහැදිලි කරනු ලැබිණ.
(ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් - ජනාධිපති මාධ්‍ය අංශය)



Comments
Post a Comment
Your comment will be visible after approval