
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ (09) කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මොවුන් මෙම නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ නාන තටාකය අසළ සාදය පවත්වමින් තිබියදී කොල්ලුපිටිය පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් සහ කාන්තාවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතරින් විදේශික ජාතිකයින් තිදෙනෙක්ද සිටින බව අජිත් රෝහණ මහතා පවසයි.
අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මොවුන් ඉදිරිපත් කිරීමට නියමිතයි
Comments
Post a Comment
Your comment will be visible after approval