nimal-lansa-speaks

රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා පෙරේදා පැවති රැස්වීමකදී දැක්වූ අදහස් පහත පරිදිය.


'සමහර විට විපක්ෂය එක එක දේවල් කියනවා.. මේ ටිකේ අපේ කොරෝනා වසංගතයේ පාලනය කරන්න ,එන්නත්කරණය  කරන්න ගියාම අපි චීනයේ sinopharm ගේන්න ගියාම පාර්ලිමේන්තුව තුළ දවස් ගානක් විවාද කරලා අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දන්නවා sinopharm ගෙන එක නවත්වන්න විශාල කාර්යභාරයක් කළා. මේ එන්නත සුදුසු නෑ මෙන්න එන්නත අනුමත කරලා නෑ මේක අතුරු ආබාධ එනවා කියලා..

හැබැයි අද ලෝකෙ ඇමෙරිකාව පිළිඅරගෙන තියෙනවා ලෝකෙ තියෙන එන්නත් කිරීම අතින් මේ චීනයේ නිෂ්පාදිත එක ලෝකයේ අංක එකටම තියෙනවා කියන එක. ඒ නිසා අපිට මේ එන්නත් එක්කිරීම පරක්කු කරන්න විශේෂ වැඩ කටයුතු කළේ විපක්ෂයේ එදා පාර්ලිමේන්තුව තුළ. නැත්නම් මේ මාස දෙක වෙද්දි මිලියන 6කට වඩා අපිට එන්නත්කරනය කරලා අවසන් කරන්න තිබ්බා.



ඒ නිසා කෙසේ වෙතත් ඒ සියළු බාධක අපි ජයගෙන, මම හිතන්නේ එන්නත් කිරීමෙන් කටයුතු  අද වෙද්දි ඉතාමත් වේගවත්ව කෙරෙනවා.. මම හිතනවා තව මාස දෙකක් යද්දි අපිට මේ රටේ 70%  අනුමත කරලා තියන ඒ අයගෙන් අපිට එන්නත් කිරීම කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පුළුවන් මේ නැවතිලා තියෙන corona වසංගතයක් එක්ක නැවතිලා තියෙන සමහර  මාර්ග  සංවර්ධනය වුණත් එදා වගේ වේගයෙන් යන්න බෑ අපිට .හැමතැනම කොරෝන ලෙඩෙක් හම්බ වුනොත් දවස් දාහතරක් ඒ රටේ නීතිය අනුව ඒ කටයුත්ත සෞඛ්‍යය සම්පන්නව වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ජයග්‍රහණ සියල්ලක් ලබාගන්න ලෝකෙම අද තීන්දු කරල තියනවා එන්නත් කිරීම ඉතාමත් වේගවත්ව කරන්න කියලා..

ඉතින් අපිටත් පුළුවන්කමක් ලැබෙයි විශේෂයෙන් චීනයෙන්. රුසියාවෙන් එක්කම ඇමරිකාවේනුත් අපිට දැන් උදව් කරනවා කියලා තියෙනවා .ඒත් එක්කම ඩබ්ලිව්එච්ඕ එක උදව් කරනවා. ඒ නිසා මම හිතනවා මේ මාර්ග සංවර්ධන වෙලාවෙත්  කොරෝනා ව්‍යාප්තිය ගැන කතා කළේ අද මේ රටේ අපි සියලු දෙනා මේ වසංගතයක් එක්ක ජීවත් වෙන නිසා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙයි අපිට ආණ්ඩුවක් විදිහට ජනාධිපතිතුමා අගමැතිතුමා අපි කැබිනට් මණ්ඩලය එකතුවෙලා මේ වසංගතය ජයග්‍රහණය කරන්න මේ වසංගතේ අපේ රටේ ජනතාවට වෙන හානිය අවම කර ගැනීම සඳහා කටයුතු කරන්න අපි සියලු දෙනා කටයුතු කරනවා . '