new-guideline

හෙට (21) සිට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්  නිකුත් කර තිඛෙයි.බස්නාහිරට පමණක් වෙනම නීති එහි දක්වා ඇත. 
එම නීති රීති අනුව බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සේවක ප්‍රවාහනයට පමණක් සීමා කර ඇත. එසේම එම පළාතේ ආයතනික රැස්වීම් වැඩමුළු සන්නාම දියත්කිරීම් සම්මන්ත්‍රණ තහනම්ය. පදික වෙළෙන්දන් තහනම්ය. සාප්පු සංකීර්ණද නිමි ඇඳුම් හල්ද වසා දමා ඇත.
කෙසේ වෙතත් බස්නාහිර සිල්ලර කඩ සඳහා එකවරකට 3 බැගින් ඇතළුවීමේ ක්‍රමය හා සුපිරි වෙළෙඳ සල් එකවර සියයට 25 කට විවෘතව තැබීමට අවසර ලබාදී ඇත.

 හෙට 21 සිට ජුලි මස 05 වනදා දක්වා මෙම නිරේදේශ අනුගමනය කරන ලෙස දන්වා ඇත