media-studies

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය පාසල් තුළ ආරම්භ වී වසර 15ක කාලයක් ගතව තිබුණද, මෙතෙක් විෂය අධ්‍යක්‍ෂවරුන් හෝ ගුරු උපදේශකවරුන් පත් කිර්මට කටයුතු කර නැතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි. 2021.06.04 දිනැති ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට නිලධාරින් බඳවාගැනීම සඳහා වන සීමිත තරග විභාගයට අයදුම්පත් කැඳවා ඇතත්, 

එම ගැසට් නිවේදනය යටතේ හෝ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවා නොමැති බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය. මෙම මේ තත්වය තුළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය.කටයුතු ආවරණය කරනු ලබන්නේ වෙනත් විෂයයන් සඳහා සිටින විෂය අධ්‍යක්ෂවරුන් විසින් බවත්,

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය සාමාන්‍ය පෙළ සිසුන් සඳහා 2006 වසරේදීත්, උසස් පෙළ සිසුන් සඳහා 2008 වසරේදිත් ආරම්භ වූ බවත් ඒ මහතා පවසා සිටියේය. ප්‍රථම වරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා 2008 වසරේදිත්,

උසස් පෙළ විභාගය සඳහා 2010 වසරේදීත් සිසුන් මෙම විෂය සඳහා පෙනී සිටින බවද ලේකම්වරයා සඳහන් කළේය. මෙම විෂයය උසස්පෙළ සඳහා ආරම්භ වී වසර 10කට වැඩි කාලයක් ගත වී ඇති අතර, මෙය සිසුන් අතර ජනප්‍රිය විෂයයක් වී තිබෙන බවත්,80,000කට ආසන සිසුන් පිරිසක් මෙම විෂය හදාරන අතර, විෂය උගන්වන ගුරුවරු 1,000ක් පමණ පාසල් පද්ධතිය තුළ සිටින බවත් හෙතෙම පවසා සිටියේය.මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන උක්ත ගැසට් නිවේදනය සංශෝධනය කර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයේ විෂය අධ්‍යක්‍ෂ තනතුරු සඳහා වන පුරප්පාඩු සඳහාද අයඳුම්පත් කැඳවන ලෙසට අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද ජෝසප් ස්ටලින් මහතා පැවසීය.
(ඉන්දික හේවාවිතාරණ)