
අද දින කොරෝනා ආසාදිත බවට හඳුනාගැනුණු මාගල්කන්දේ සුදත්ත හිමි පසුගිය යහපාලන සමයේ පැවති රජයට එරෙහිව ප්‍රබල හඩක් නැගූ හිමි නමකි. ඒ හිමි සමගම එකට වැඩ කළ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද එවැනි හිමි නමකි.
එම හිමියන්ගේ මෑණියන් පසුගිය දා අභාවප්‍රාප්ත වූ අතර අවමංගල්‍ය උත්සවයට අගමැති ප්‍රමුඛ පොදුජන පෙරමුණේ විශාල පිරිසක් සම්බන්ධවූයේ පැවති දේශපාලන කාරණාද හේතු කොටගෙනයි.
සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන් වූ ලීලාවති සමරසිංහ මහත්මිය පසුගිය 07 වැනි දා අභාවප්‍රාප්ත වූ පසු
දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ අමුත්තන්ගේ පරිශ්‍රය තුළ තැන්පත් කොට තිබු අතර
අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ආදී මහත්ම මහත්මීන් ඇතුලු අයද එක්ව සිටි බව වාර්තා විය.
සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙම අවමංගල උත්සවයේ බොහෝ අවස්ථාවන්ට එක්වූ අතර උන්වහන්සේගේ ආශ්‍රිතයන් ද අවදානමක් මේ නිසා මතුව ඇත.
උත්සවය අතරතුර උන්වහන්සේ සහ ඉත්තෑකන්දේ හිමි සමග සංවාදයේ නිරතවන ඡායාරූපද ප්‍රසිද්ධව ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval