
ඊයේ සවස පියුමි හංසමාලී ඇතුළු පිරිස පස්සර බණ්ඩාරවෙල නිරෝධායනය සඳහා රැගෙන යද්දී ඇතිවූ විරෝධය සමාජ මාධ්‍ය තුළ රැව් පිළි රැව් දෙද්දී ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී වත්සලා ඇන්තනි ගැනද කතාබහක් ඇති විය.
ඇය නිරෝධාායනයට රැගෙන යන්නේ නැතිදැයි පියුමි පාටියට ගිය පුද්ගලයෙකු මහ හඩින් විමසා සිටීම මෙයට මුල් විය.මේ ඉල්ලීම ගැන ජැක්සන් දියණිය මාධවී තවමත් නිහඩය. ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ ඇය ඊයේ හැදූ කෑමක් ගැන පමණක් සටහනක් තිබුණි. එහි මෙසේ සටහන් විය.
‘අද දවල් කෑමට තෝසේ සම්බෝල එක්ක සාම්බාරු හොදි සහ සැමන්..‘
තෝසෙ කෑම ගැන පසෙක තබා ඇගේ රසිකයින් එයට ප්‍රතිචාර ලෙස බණ්ඩාරවෙල යන්නැද්දැයි විමසා තිබුණි.
මේ අතර ඇගේ ෆේස් බුක් පිටුවේ ඇය සහභාගීවූ වීඩියෝවක දිගුවක් හුවමාරු කරගෙන තිබුණ නමුත් එයට දක්වන ප්‍රතිචාර වෙනුවට ඊයේ සංසිද්ධිය ගැන රසික පිරිස ප්‍රශ්න කර තිබුණි.
කෙසේ වෙතත් ජැක්සන් දුව මාධවී තවමත් මේ කිසිවකට ප්‍රතිචාර දක්වා නැත. පහත සටහන් වන්නේ ඇයට රසිකයින් දක්වා තිබුණ ප්‍රතිචාර වලින් කොටසකි.


Comments
Post a Comment
Your comment will be visible after approval