
කොළඹ රත්නපුර නුවරඑළිය දිස්ත්‍රික්ක 03ට අයත් තවත් ග්‍රාම නිලධාරීවසම් 05ක් අද පෙරවරු 06සිට හුදෙකලා කර තිබෙයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස් වසමට අයත් තලාහේන දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජය මාවත සහ ජයගත් මාවත, තලාහේන උතුර ග්‍රාම නිලධාරීවසමේ සත්සර මාවත, ඉසුරු මාවත සමණල මාවත සහ තැපැල් පෙට්ටිය හංදිය යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කර ඇත.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් වසමට අයත් කහන්ගම කොස්ගලවත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැල්මඩුල්ල පොලිස් වසමට අයත් බෝපැත්ත ග්‍රාම නිලධාරීවසමද අද පෙරවරු 06සිට හුදෙකලා කර තිබෙයි. නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටබුලාව මධ්‍යය කොටසද අද පෙරවරුවේ සිට හුදෙකලා කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval