
සංචරණ සීමා ඉවත් කෙරෙන හෙට (21) සිට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ස්ථාන සීමිත ලෙස විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.
මත්පැන් අලෙවි ස්ථාන සීමිත ලෙස විවෘත කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පනවා ඇති නියෝග පහත පරිදි වේ.
✿ 2021 ජුනි 21 දින සිට වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු ර.බී. 04 බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු ර.බී 22A බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවක් තුළදී ක්‍රියාත්මක කළ හැකිය.
✿ පාරිභෝගිකයිනට මත්පැන් අලෙවි නොකරන හා මත්පැන් බෙදාහරීමේ යෙදී සිටින සුරාබදු ර. බී. 03 හා සුරාබදු අ.නි. 06 තොග වෙළෙඳ බලපත්‍ර ලත් ස්ථාන ද ක්‍රියාත්මක කළ හැකි ය.
✿ එම ස්ථානයෙහිම හිද මත්පැන් පානය කිරීම සඳහා වූ ආපනශාලා, හෝටල්, ආගන්තුක නිවාස, තානායම්, සිනමා ශාලා හා සමාජ ශාලා ආදිය සඳහා ලබාදී ඇති සුරාබදු බලපත්‍ර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකළ යුතු ය.
✿ කෙසේ වුවද විවෘත කිරීම සඳහා අවසර දී ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත පාරිභෝගික තදබදය වළක්වා ගැනීමේ අරමුණින් එම පුද්ගලයින් අතර පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවට වග බලා ගත යුතු ය.
සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එලෙස බලපත්‍ර ලත් ස්ථාන නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්ට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කර ඇති බවයි.
එමෙන්ම එම කාර්යය අධීක්ෂණය සඳහා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ට හා පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට ද උපදෙස් දී ඇත.
මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ, නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval