
පාවිච්චි නොකර ඉවත දමා ඇති ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් ඇති යම් අයකු ඇත්නම් තම පාසලේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා එය ලබා දෙන ලෙස කොළොන්නාව ශාන්ත ජෝශප් විද්‍යාලයේ විදුහල්පතිනි දීප්ති මොල්ලිගොඩ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින්නීය.
ෆේස් බුක් ඔස්සේ ඇය මෙම ඉල්ලීම කර ඇත.
“ෆේස් බුක් යාළුවන්නේ. මට පුංචි උදව්වක් ඕන්නේ. මගේ පාසල තිබෙන්නේ කොළොන්නාව නගරයේ මැද. කොළොන්නාවේ සමහර අයවත් දන්නේ නැහැ මෙහෙම පාසලක් තියෙනවා කියලා. මගේ පාසලේ ළමයි වැඩි පිරිසක් ඉතා දිළිඳුයි. ස්මාර්ට් ෆෝන් තියා බොත්තං ෆෝන් එකක්වත් නෑ. තියෙන එකම මෆෝන් එක තාත්තා වැඩට ගෙනියනවා. නැත්නම් ගෙදර තුන් හතර දෙනා ඉගෙන ගන්න පොර කනවා.
මගේ දරුවෝ හරිම ආසයි ඉගෙන ගෙන හොඳ ගුණදම් ඇති මිනිසකු ලෙස රැකියාවක් කරන්න.
ඒත් අද තියෙන තත්වය නිසා කොච්චර සිනල් තිබුණත් ස්මාර්ට් ෆෝන් එකක් කියන්නේ එයාලට සිහිනයක්. අලුතින් ස්මාර්ට් පොන් එකක් ගන්නවා කියන්නේ අපි කාට වුණත් දරාගන්න අමාරු දෙයක්. ඒත් මම මෙහෙම ඉල්ලීමක් කරන්නම්. ඔයාලා ළඟ පාවිච්චි කරන්නේ නැති වැඩිපුර ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම්, ඒක හදන්න ඕන නම්, කාට හරි දීලා ඒක හදලා, ඔයාගේ පෞද්ගලික තොරතුරු මකා දමලා ඒ දුරකතනය මට එවන.
මම ඒක ස්මාර්ට් ෆෝන් එකක් නැති මගේ දරුවන්ට දෙන්නෙම්. ඒ දුරකතනයෙන් දරුවෝ ඉගෙන ගන්න හැටි බලලා ඔයාලට සතුටු වෙන්න පුළුවන්. අලුත් එකක් ඕන නැහැ. මොකද මේවා ඕනෑ වෙන්නේ වසංගත කාලේ විතරයි නේ. මේ උදව්වට ඔයාලා සංවේ දී වෙයි කියලා මම හිතනවා. ඔබට ස්තූතියි”

Comments
Post a Comment
Your comment will be visible after approval