jeewandara-covid19

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණය සම්බන්ධයෙන් වන නවතම පර්යේෂණ වාර්තාව එලි දක්වමින් වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේද ගැන සඳහන් කර තිබේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොරෝනා ප්‍රෙභ්ද හඳුන්වාදීමේදී රටවල් වල නම් යෙදීම අපකීර්තියට හේතුවිය හැකි බව පෙන්වාදීම නිසා මෙම ප්‍ර භේද අලුතින් හඳුන්වන්නේ ඇල්ෆා බීටා ගැමා ආදී වශයෙනි.
බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය හෙවත් ඇල්ෆා ප්‍රභේදය වන B117 ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුව ඇති බවත් කොළඹ මඩකලපුව ත්‍රීකුණාමලය කුලියාපිටිය වාරියපොළ හබරාදුව තිස්සමහාරාමය කරාපිටිය හා රාගම ඒ අතර තිබෙන බවත් ඔහු කියයි.

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවු බව ද ඒ මහතා කියා සිටියේය.


එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බව ද වාර්තා වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් හමුවූ ප්‍රෙභ්දයක් පවතින බවත් එය ‘වන්‘ ලෙස තාවකාලිකව නම් කර ඇති බවත් B.1.411 නමැති එම ප්‍රභේදය ආසාදනය වූවන් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් ඔහු හෙළි කරයි.
එම ප්‍රභේදය ගැන වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බව වෛද්‍ය ජීවන්දර සඳහන් කළ අතර වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන්නේය.