
කොරෝනා ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් ඔක්සිජන් මත යැපෙන සංඛ්‍යාව විශාල ලෙස ඉහළගොස් තිඛෙන බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය අනතුරු හඟවයි.
පසුගිය දින පහ තුළ 120% දක්වා වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව තහවුරු කර ගෙන ඇත.
පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149කි.
නමුත් මැයි 28 වනදා වනවිට එය 230 දක්වාත්ල මැයි 29 වනදා වනවිට එම රෝගීන් ගණන 237 දක්වාත්ල මැයි 30 වනදා වනවිට 310 දක්වාත් ඉහළ ගොස් තිබුණි.
මැයි 31 වනදා වනවිට එම රෝගීන් සංඛ්‍යාව 330ක් දක්වා වර්ධනය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval