galle-road-wellawatta

මළපවාහන පද්ධතියේ අලුත්වැඩියාවක් නිසා ගාලුපාරේ වැල්ලවත්ත ප්‍රදේශයේ කොටසක් සඳුදා (14) උදේ සිට වසා තැබෙන බව පොලිසිය පවසයි.


මෙම අලුත් වැඩියාව නිසා දෙහිවල සිට කොළඹ මංතීරුව පමණක් අවහිර වන අතර වසා තැබෙන කොටසට සම්බන්ධවන වාහන මුහුදු මාර්ගය ඔස්සේ යොමු කරවන බව පොලිසිය දන්වා සිටී.
මෙම බාධාව කොළඹ සිට දෙහිවල දෙසට නොමැති බවද පොලිසිය දන්වා ඇත.
අලුත් වැඩියාව සඳුදා උදේ සිට අරඹන බවත් නිමවන දිනය තවම සඳහන් කළ නොහැකි බවත් දන්වා ඇත.