
කොවිඩ් නිව්මෝතියාවෙන් බිරිය මියගොස් සති දෙකකට පමණ පසු සැමියා ද එයම වැළදී මියයාමේ සිදුවීමක් ගාල්ලෙන් වාර්තා විය.
ගාල්ල කරාපිටිය ශික්ෂණය රෝහලේ දී පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය වූ පරිදි මියගොස් ඇත්තේ ගාල්ල රිච්මන්ඩ්කන්ද ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙකි. මෙම පුද්ගලයාගේ බිරිය මැයි මස 20 වැනිදා කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇත. ඉන්පසු මියගිය පුද්ගලයා ඔහුගේ පුතු හා ලේලිය නිවෙස තුළ නිරෝධායනය කිරිමට කටයුතු කර ඇත. ඉකුත් 02 වැනිදා මියගිය පුද්ගලයාගේ හා පුතුගේ ලේලියගේ පී.සී.ආර්. පරික්ෂණ සඳහා සාම්පල් ලබාගෙන ඇති අතර එම පී.සී.ආර් පරික්ෂණවල ප්‍රතිඵල ඉකුත් 06 වැනිදා ලැබී ඇත.
එම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව මියගිය පුද්ගලයාට හා ලේලියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මියගිය පුද්ගලයා නිවෙස තුළ සිටිය දී ඉකුත් 07 වැනිදා පෙරවරුවේ එකවරම ඔහුට හුස්ම ගැනීමට අපහසු වී ඇති අතර ඔහු ක්ලාන්ත වී බිම ඇද වැටී ඇත. නිවෙස තුළ දී මොහු මියගොස් ඇත. මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දදෙණිආරච්චි මහත්මිය විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාවෙන් මොහු මියගොස් ඇති බවට තීන්දු කළේය.
- ජේ.කේ.එල්.චාමින්ද-
Comments
Post a Comment
Your comment will be visible after approval